Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

NEWLY RELEASED

ස්පන්දන

බොලිවුඩ් හෝ හෙලිවුඩ් සිනමාවේ ඉතා ජනප්‍රිය මාතෘකාවක් තමයි හොල්මන්. සිංහල සිනමාවට නම් මේ තේමාව තරමක් ආගන්තුකයි. ඒත් තවදුරටත් එහෙම වෙන එකක් නෑ. ඊට හේතුව හොල්මන් කථා පාදක කරගත් චිත්‍රපට කිහිපයක්ම දැන් නිෂ්පාදන අවධියේ පැවතීමයි. ඒ අතර දැන් වසරකට පමණ පෙර නිෂෟපාදන කටයුතු අවසන් කළ හොල්මන් චිත්‍රපටක් ඊයේ (මාර්තු 18) සිට රට පුරා සිනමා ශාලාවල තිරගත කිරීම් ආරම්භ කළා. ඒ "ස්පන්දන". නිෂ්පාදන කණ්ඩායම විසින් මෙය වර්ග කර ඇත්තේ Horror Romantic චිත්‍රපටයක් ලෙසයි. ඒ කිව්වේ ත්‍රාසය, භීතිය, කුතුහලය සමග ආදරය ද මෙහි ඇතුලත් වී තිබෙනවා. රසවත් ගීත කිහිපයකද මෙම චිත්‍රපටයට ඇතුලත්.

    • තිර රචනය හා අධ්‍යක්ෂණය -  සුනතේ මාලිංග ලොකුහේවා
    • නිෂ්පාදනය - ජගත් එම්. යාපා සහ ප්‍රභාත් රෝෂන්
    • සංගීතය - උදය ශ්‍රී වික්‍රමසිංහ
    • රංගනය - රොෂාන් රණවන, ශලනි තාරකා, දිල්හානි අශෙෘ්කමාලා, මහේන්ද්‍ර පෙරේරා, ධර්ශන් ධර්මරාජ්
Trailer එක පහතින් බලන්න



Making Video එක පහතින් බලන්න


රූගත කිරීම් අතරතුර ඡායාරූප











-------------------------------------------------------------

කල්පාන්තයේ සිහිනයක්

"අංජලිකා" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි චන්න පෙරේරාගේ නවතම අධ්‍යක්ෂණය වන "කල්පාන්තයේ සිහිනයක්" චිත්‍රපටය මේ දිනවල රටපුරා තිරගත වනවා. රාවණා රජුගේ සැගවුණු රහස් සොයා යන තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මුහුණ දෙන අභියෝග වටායි මෙම චිත්‍රපටය නිර්මාණ වී තිබෙන්නේ. රාවණා පෙළපතින් පැවත එන තරුණියක් ද ඔහු සමග එක්වනවා. 

අධ්‍යක්ෂණය - චන්න පෙරේරා
නිෂ්පාදනය - පර්ල් විජේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගම්ඇතිගේ, දේශමාන්‍ය වෛද්‍ය අසේල අමරවීර
තිර රචනය - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
රංගනය - චන්න පෙරේරා, චෛයිත්‍රා චන්ද්‍රනාත්, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, සදුන් විජේසිරි, හිමාලි සයුරංගි

තණ්හා රතී රඟා

අන්තර් ජාතික සිනමා උළෙළ කිහිපයක්ම නියෝජනය කරමින් සම්මානයට ද පාත්‍රවූ තණ්හා රතී රඟා (Between Yesterday & Tomorrow) චිත්‍රපටය ඔක්තොම්බර් 16 දා සිට රටපුරා සිනමා ශාලාවල තිරගත වනවා.

අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය
තිර රචනය - සරත් කොතලාවල / කුමාර තිරිමාදුර
සංගීතය - ගයත්‍රි කේමදාස / අනූපම කේමදාස
රංගනය - සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචන වීරසිංහ, ස්වර්ණා මල්ලවාරච්ච, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි












---------------------------------------

ඇහැළේපොළ කුමාරිහාමි

ශ්‍රී ලංකා ඉතිහසයේ තවත් කථා පුවතක් ඇසුරෙන් නිර්මාණ කෙරුණු "ඇහැළේපොළ කුමාරිහාමි" මේ වනවිට රටපුරා සිනමා ශාලා 45 ක තිරගත වනවා. මුලින් අවසර ලැබුණේ එම චිත්‍රපටය සිනමා ශාලා 35 ක ප්‍රදර්ශනය කිරීමට පමණයි. එහෙත් නිෂ්පාදක කණ්ඩායම දිගින් දිගටම කළ සටනකින් පසු එය තවත් 10 න් වැඩිකිරීමට අවසර ලැබී තිබෙනවා.

තිරගත කිරීම - 2014 අගෝස්තු 01
රංගනය - ජැක්සන් ඇන්තනී, දුලානි අනුරාධා, අනුර ධර්මසිරිවර්ධන, ප්‍රමුදිත උදය කුමාර (ළමා නළු), ශ්‍රියන්ත මෙණ්ඩිස්, ලකී ඩයස්, බුද්ධදාස විතානච්චි
නිෂ්පාදනය - ගයන් රණධීර 
අධ්‍යක්ෂණය - සුගත් සමරකෝන්













---------------------------------------

Kick

සල්මන් ඛාන් සහ ජැකලීන් ෆර්නැන්ඩර්ස් රගන Kick චිත්‍රපටය තිරගතවීම ආරම්භ කර පළමු දින 02 දීම ඉන්දීය රුපියල් කෝටි 50 ක් ඉක්මවූ ආදායමක් උපයා තිබෙනවා. පළමු දිනයේදීම එම චිත්‍රපටය උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 26 ක්.

තිරගත කිරීම - 2014 ජුලි 27
රංගනය - සල්මන් ඛාන්, ජැකලීන් ෆර්නැන්ඩර්ස්, රන්දීප් හූඩා
නිෂ්පාදනය - සජීඩ් නන්දිවාල්
අධ්‍යක්ෂණය - සජීඩ් නන්දිවාල්
වියදම - ඉන්දීය රුපියල් කෝටි 1.25


---------------------------------------

Hate Story 2

2012 වසරේදී තිරගතවූ Hate Story චිත්‍රපටයේ මීළඟ අදියර ලෙසයි Hate Story 2 නිර්මාණ වී තිබෙන්නේ. විශාල් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය බුෂාන් කුමාර් ස වික්‍රම් භාට් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. තිරගතවීමටත් පෙර සිටම Hate Story 2 චිත්‍රපටය ඉන්දියාව පුරා ඇතිකර තිබෙන්නේ ලොකු ආන්දෝලනයක්. කාමුක දර්ශන රැසක් ඊට ඇතුලත්ව තිබීම ඊට හේතුවයි.  

තිරගත කිරීම - 2014 මැයි 28
රංගනය - සුර්වින් චව්ලා, ජේ බනුශාලි
සංගීතය - මිථුන්, මීට් බ්‍රෝස් අන්ජාන්, ආකෝ පාවෝ මුකර්ජි, ලක්ෂ්මිකාත් ප්‍යෙරිලාල්, රෂීඩ් ඛාන්






---------------------------------------

රන්ජා 

The People's Actor ලෙස විරුදාවලි ලද රන්ජන් රාමනායක රඟන අළුත්ම චිත්‍රපටය "රන්ජා" රටපුරා EAP මණ්ඩලයේ සිනමා ශාලාවල දැන් තිරගත වනවා. 

තිරගත කිරීම - 2014 මැයි 28
අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්
නිෂ්පාදනය - සුනිල් ටී ප්‍රනාන්දු








---------------------------------------

වරිගපොජ්ජ

නන්දසිරි ගමගේ විසින් රචිත "වරිගේ" කෙටිකථාව ඇසුරෙන් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය වසංගත රෝගයකින් සෙසු සියළු දෙනා මියයන ආදිවාසී රැහැක ඉතිරිවන අඹුසැමි යුවලක් වටා ගෙතී තිබෙනවා. ඔවුන් යාබද රැහැකට එක්වීම සදහා වනය හරහා යන දුෂ්කර ගමන සහ ඔවුන් මුහුණ දෙන සෙසු බාධක ද එයින් නිරූපිතයි. මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ එහි නිෂ්පාදකවරුන් 8000 ක් සිටීමයි.ශ්‍රී ලංකික චිත්‍රපටයකට දායක වූ වැඩිම නිෂ්පාදකවරුන් සංඛ්‍යාව ද මෙයයි. කාන්තා සමූපකාරය නිෂ්පාදන ආයතනය වනවා. එහි සාමාජිකයන් ගණන 8000 ක්. ඔවුන් සියළු දෙනා නිෂ්පාදකවරුන් ලෙස නම්කර සිටිනවා.
තිරගත කිරීම   - 2014 මාර්තු 21
අධ්‍යක්ෂනය    - තුෂාර තෙන්නකෝන්
නිෂ්පාදනය      - කාන්තා සමූපකාරය
රගපෑම්            - ජගත් මනුවර්ණ, සෝමවීර ගමගේ,
                         නදීෂානි නිලුක්ෂි, 
නයනා හෙට්ටිආරච්චි,
                          සුපාලසිංහම් සදීපන්
   

පූර්ව ප්‍රචාරක පටය -
                 

---------------------------------------

Queen

අතිනත ගැනීමට යෝජිතව සිටි සිය පෙම්වතා විවාහය ප්‍රතික්ෂේප කිරීම නිසා මධුසමයට තනිව යාමට තීරණය කල මධ්‍යම පාන්තික පන්ජාබ් යුවතියක් වටා ගෙතුණු චිත්‍රපටයකි.

තිරගත කිරීම   - 2014 මාර්තු 07
අධ්‍යක්ෂනය    - විකාස් බාල්
නිෂ්පාදනය      - අනුරාග් කාශ්‍යප් සහ වික්‍රමාදිත්‍ය මොට්වානේ
රගපෑම්          - කංගනා රනාවුට්, රාජ්කුමාර් රාඕ, ලීසා හෙඩෝන්
                       
පූර්ව ප්‍රචාරක පටය -

 

---------------------------------------

සිරි දළදාගමනය 

බෞද්ධ තේමාවකින් නිමැවුණු සිංහල චිත්‍රපටයකි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ භාරතයේ සිට ශ්‍රී ලංකාවට වැඩමවූ පුවත එයින් නිරූපණය කෙරේ.

තිරගත කිරීම   - 2014 මාර්තු 06
අධ්‍යක්ෂනය    - සනත් අබේසේකර
නිෂ්පාදනය      - E.A.P චිත්‍රපට හා බෝසත් ලංකා පදනම
රගපෑම්           - ප්‍රසාදි සමරකෝන්, ජීවන් කුමාරතුංග,
                       ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්,
                   
                       දිල්හානි ඒකනායක, උදාර රත්නායක,
                      
                       කමල් දේශප්‍රිය, පියුමි බොතේජු,
 
                      වසන්ත දුක්ගන්නාරාළ, මාක් සැම්සන්,
                       මධුමාධව අරවින්ද, අනූෂා දමයන්ති.......

පූර්ව ප්‍රචාරක පටය -