Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

STAR EVENTS

අරුණි රාජපක්ෂ යුගදිවියට

රංගන ශිල්පිණියක්, නිරූපිකාවක්, රූ රැජිණක්, නිවේදිකාවක්.... මේ ඕනෑම හදුන්වාදීමක් අරුණි රාජපක්ෂ සදහා ගැලපෙනවා. අැය පෙරේදා (අප්‍රේල් 24) විවාහ ගිවිසගත්තා. මනාලයා වූයේ එංගලන්තයේ වෙසසෙන ශ්‍රී ලාංකිකයෙකු වන නලීන් සමරවික්‍රමයි. දෙදෙනාගේ විවාහ උත්සවය ගල්කිස්සේදී පැවැත්වුණා.

අරුණි රාජපක්ෂ උපත ලැබුවේ 1984 වසරේ ජනවාරි 05 වනදායි. ඒ අනුව දැන් ඇගේ වයස අවුරුදු 31 ක්. අරුණිගේ උපන් ගම මහනුවර. ඇගේ පියා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්.

2004 වසරේදී අරුණි රාජපක්ෂ "උඩරට මැණිකේ" සහ 2005 වසරේදී "Capri Beauty Queen" යන රූ රැජිණ තරග ජයගත්තා. 2007 වසරේ Miss Sri Lanka කිරුළ දිනාගත්තේ ද අරුණි රාජපක්ෂයි. එම වසරේදීම ශ්‍රී ලංකාව නියෝජන කරමින් Miss Tourism Queen International (China) සහ Miss International (Japan) යන රූ රැජිණ තරග සදහා ද ඇය සහභාගී වූණා.  2008 වසරේදී Miss Universe තරගයේදී ශ්‍රි ලංකාව නියෝජනය කළේ ද ඇයයි. 2012 වසරේදී චීනයේ පැවති Bride Of The World තරගයේ 03 වන ස්ථානය දිනාගැනීමට ද ඇය සමත් වුණා.

අරුණී රාජපක්ෂ සිනමාවට පිවිසියේ Super Six චිත්‍රපටයෙන්. මේ දිනවල තිරගත කෙරෙන "මහරජ ගැමුණු" චිත්‍රපටයේදී ඇය චරිතයක් නිරූපණය කරනවා. පහත දැක්වෙන්නේ අැගේ විවාහ ගිවිසගැනීමේදී ලබාගත් ඡායාරූප කිහිපයක්.







---------------------------------------

වත්සලාගේ බබාට අවුරුද්දයි

ඉතා කෙටි කාලයකදී රසික හදවත් දිනාගැනීමට සමත් වූ වත්සලා දියලගොඩ ඉකුත් මාර්තු 24  ඇය ගේ බබාගේ අවුරුද්දක් සැපිරීමේ උපන්දිනය ජයටම සැමරුවා.  එම සාදය සදහා කලා ක්ෂේත්‍රය‍ේ මිතුරු මිතුරියන් රැසක්ද සහභාගී වී සිටියා.

                           




























                           ---------------------------------------

විනූගේ BIRTHDAY පාටිය

නිරූපණ ශිල්පිණියක්, රංගන ශීල්පිණීයක් සහ නිවේදිකාවක් ලෙස ජන ප්‍රසාදය දිනාගෙන සිටින විනූ උදානි ඉකුත් මාර්තු 10 දා සිය 23 වන උපන් දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය කළ ප්‍රධාන කටයුත්ත වුණේ ළමා නිවාසයක දැරියන් පිරිසකට කෑම වේලක් ලබාදීමයි. පවුලේ සමාජිකයන්ට පුංචි සාදයක් පැවැත්වීමටත් නිවේදන ක්ෂේත්‍රෙය් සිය මිතුරු මිතුරියන්ට සංග්‍රහයක් කිරීමටත් ඇය කටයුතු කළා.





---------------------------------------

මේනකාගේ Wedding එක

රංගන ශිල්පිණී මේනකා පීරිස් ඉකුත් දා විවාහ දිවියට එලැබියා. ඇගේ අතගත් මනාලයා වූයේ අමරනාත් සේන කුමාර. වෘත්තියෙන් මහාචාර්යය වරයෙකු වන ඔහු නෝවේ හි ජීවත් වන්නෙක්. දෙවන මනාලියන් වූයේ දිනක්ෂි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්, වීනූ උදානි සහ නිපුනිකා හේවාගමගේයි. උත්සනය පැවැත්වුණේ කොළඹ Kingsburry හෝටලයේදීයි. තවත් දෙයක් තමයි මෙම විවාහය සෙසු කලාකරුවන් බොහෝ දෙනෙකුගේ මෙන් ප්‍රේම විවාහයක් නම් නෙමෙයි.  මේනකා සහ අමරනාත් එකිනෙකා හදුනාගෙන ඇත්තේ යෝජනාවකින්. කෙසේවෙතත් දැන්නම් දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයිලු. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප එකතුවයි.

චාරිත්‍ර




ආපු  අයගෙන් ඇතැම් අය

















සිංදුත් කිව්වා





නැටුවත් එක්ක













සොදුරු මතක