ශ්‍රේෂ්ඨ ලේඛක විලියම් ශේක්ෂ්පියර්ගේ "රෝමියෝ ජුලියට්" ප්‍රේම කතාව නොදන්න කෙනෙක් නැතිතරං. එත් ඔබ දන්නවද ඒ ප්‍රේම කතාවේ පෙම්වතිය වූ ජුලියට් සිහිවෙන්න ඉතාලියේ වෙරෝනා නුවර තවමත් සිහිවටන තිබෙන බව. එයින් එකක් තමයි රොමියෝ, ජුලියට්ගෙන් ආදරය ඉල්ලූ බව කියන ජුලිටයට්ගේ නිවස. එම නිවසට ඇතුළුවීමට තිබෙන්නේ චුයින්ගම් වලින් කළ ගුහාවක් තුළින්. වෙරෝනා වැසියන් විශ්වාස කරනවා කිසියම් කෙනෙක් තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම් පුංචි කොළ කෑල්ලක ලියලා ඒ චුයින්ගම් ගුහාවේ බිත්තයක ඇලෙව්වොත් එම යුවලගේ ආදරය සඵල වන බව. ඒ වගේම ජුලියට්ගේ නිවසේ ඉදිරිපස මිදුලේ තිබෙන දොරට ඉබ්බෙකු දමා යතුර විසිකිරීමෙන්ද පෙම්වතුන්ගේ ආදරණිය බලාපොරොත්තු ඉටුවන බවත් ඔවුන් විශ්වාස කරනවා. එම විශ්වාසයන් නම් කොහොම වෙතත් ඉතාලියේ වෙරෝනා නුවර තිබෙන ජුලියට් නිවස බලන්න නම්වටින තැනක්.
චුයින්ගම් ගුහාව
ජුලියට්ගේ පිළිරුව





EmoticonEmoticon