මහා කවි විලියම් ශෙක්ස්පියර්ගේ "හැම්ලට්" වේදිකා නාට්‍ය සිනමාවට නැගීමට ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු සූදානම් වනවා. ඒ ශ්‍රී ලංකාවේ ශේක්ස්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුනි ගාමිණි ද සිල්වා විසින්. මෙම සිනමා නිර්මාණයේ පිටපත මෙන්ම අධ්‍යක්ෂණය ද ඔහුගෙන්. හැම්ලට්ගේ චරිතය හාන්ස් බිලී මොරියා විසින් ද සෙසු ල්‍රධාන චරිත වන ක්ලෝඩියස්ගේ සහ පොලෝනියස්ගේ චරිත පිළිවෙලින් ජීවන් කුමාරතුංග සහ රෙක්ස් කොඩිප්පිලි විසින් ද නිරූපණය කරනවා. මෙහි සමාරම්භක උත්සවය බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී ඉකුත්දා පැවැත්වුණා. ඔබිනාමුනි ගාමිණි ද සිල්වා එහිදී කියාසිටියේ විලියම් ශේක්ස්පියර්ගේ 450 වන ජන්ම දිනය වෙනුවෙන් මෙම නිර්මාණය සිදුකරන බවයි.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon