Uncategories
දීපිකා, ප්‍රියංකා සහ රන්වීර් අත්අඩංගුවට ?
දීපිකා, ප්‍රියංකා සහ රන්වීර් අත්අඩංගුවට ?
බොලිවුඩ් සුපිරි රංගන තාරකාවන් තුන් දෙනෙකු අත්අඩංගුවා ගන්නැයි ඉන්දීය අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. එම රංගන තාරකාවන් වන්නේ රන්වීර් සිංග්, දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රායි. ඔවුන් තුන්දෙනා රංගනයෙන් දායක වූ ‘රාම් ලීලා' චිත්‍රපටයයෙන් හින්දු ආගමේ ඇතැම් විශ්වාසයන්ට අගතියක් වී ඇතැයි පෙත්සමක් ඉදිරිපත්වී තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් වරෙන්තු නිකුත් කෙරුණේ ඒ බව සැලකිල්ලට ගනිමින්. රන්වීර්, දීපිකා සහ ප්‍රියංකා පමණක් නොව ‘රාම් ලීලා' චිත්‍රපටයයේ රගපෑ සෙසු සියළු නළු නිළියන් ද එහි නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා වූ සංජය ලීලා බන්සාලි ද අත්අඩංගුවට ගන්නැයි එහිදි වරෙන්තු නිකුත් කෙරුණා. කෙසේවෙතත් ‘රාම් ලීලා' චිත්‍රපටය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් කිහිපයක ද මහත් සේ ජනප්‍රියත්වයට පත්වුණා.
EmoticonEmoticon