Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කදුළු සලමින් කිරුළ අත්හල තායි රූ රැජිණ

Tuesday, June 10, 2014
Miss Universe රූ රැජිණ තරගයට තායිලන්තය නියෝජනය කරමින් සහභාගීවීමට නියමිතව සිටි Miss Thailand කිරුළ හිමි විලූරී ඩිට්සර්යබට් (Weluree Ditsyabut) අද එම කිරැළ අතහැරියා. ඒ සමාජ වෙබ් අඩවියක ඇය විසින් තබන ලද සටහනට තායිලන්ත වැසියන්ගෙන් එල්ලවූ දැඩි විවේචන සැලකිල්ලට ගනිමින්. ආදාල සටහනින් කියැවුණේ වීදී බැස උද්ඝෝෂණවල නිරත වන හිටපු අගමැතිනී යින් ලුක් ෂිනවත්‍රාගේ රතු කමිස ආධාරකරුවන් රටින් පිටුවහල් කළ යුතු බවයි. තායිලනත්යේ කීර්ති නාම ලෝකය හමුවේ දූෂණය වන්නේ ද එම උද්ඝෝෂකයන් නිසා බව එහි වැඩිදුරටත් සදහන් වුණා. එහෙත් තායිලන්ත වැසියන් බෙහෝදෙනෙකු කියාසිටියේ එකී ප්‍රකාශය නිර්ලජ්ජිත එකක් බවයි. රූ රැජිණක් පෙනීසිටිය යුත්තේ රටවැසියන් රටින් පිටුවහල් කිරීමට නොව ලෝක සාමය වෙනුවෙන් බව ද ඔවුන් කියාසිටියාත ඒ අතර තවත් කෙනෙකු පැවසුවේ Miss Universe තරගයට යැවීමට විලූරී ඩිට්සර්යබට් (Weluree Ditsyabut) මහත වැඩි බවයි. කොහොම උණත් ඇය Miss Thailand  කිරුළ අතහැරීම නිසා දැන් Miss Universe තරගයට යවන්න අළුත් රූමතියක් සොයාගන්න තායිලන්තයට සිදුවනවා.







තවත් කලා පුවත්

Previous
Next Post »