Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ෂහීඩ්ගේ කසාදේ බොරුවක් වෙයි

Thursday, March 26, 2015
රංගන ශිල්පී ෂහීඩ් කපූර් ගැන බොලිවුඩය පුරා මේ දිනවල වැඩි වශයෙන් කථා කෙරෙනවා. ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය ගණනාවක් ඉකුත් දිනවල වාර්තා කළේ ෂහීඩ් කපූර් රහසේම විවාහ ගිවිසගෙන ඇති බවයි. ඔහු මෙලෙස විවාහ ගිවිසගෙන ඇත්තේ තවමත් 16 වන වියේ පසුවන මීරා රාජ්පූට් නම් බාලවයස්කාරියක් බව ද ඉංග්‍රීසි විශේෂවේදී උපාධියක් හදරන විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යාවක් වන ඇය දිල්ලි නුවර පදිංචිකාරියක් බව ද අදාළ වාර්තාවන්ගේ දැක්වුණා. එහි වැවිදුරටත් දැක්වුණේ සිය විවාහය ලබන දෙසැම්බර් මාසයේ සිදු කිරීමට ද ෂහීඩ් සහ මීරා තීරණය කර ඇති බවයි. 

කෙසේ වෙතත් මුලින් පළකල මෙම වාර්තාවලට පරස්පර වාර්තා අදාළ මාධ්‍යන් විසින්ම දැන පළකල තිබෙනවා. එහි දැක්වෙන්නේ ෂහීඩ් කපූර් සමග විවාහ ගිවිසගත් පුවත මීරා ප්‍රතික්ෂේප කර ඇති බවයි. මීරා වෙනුවෙන් අදහස් දැක්වූයේ ඇගේ විශ්ව විද්‍යාල මිතුරියක බව ද ෂහීඩ් සහ මීරා පවුලේ මිතුරන් පමණක් බව ඇය ප්‍රකාශ කළේ යැයි ද මෙම වාර්තාවන්ගේ සදහන්. තමන්ට වඩා අවුරුදු 13 ක් පමණ වැඩිමහල් පුද්ලයකෙු සමග විවාහ වීමට තමන්ට උවමනාවක් නොමැති බව ද මීරා ප්‍රකාශ කළේ යැයි ඇගේ මිතුරිය මධ්‍ය වෙත කියා තිබෙනවා. 

කෙසේ වෙතත් ඉකුත් දිනවල පළවූ සිය විවාහය පිළිබද ප්‍රවෘත්තිය ගැන ෂහීඩ් කපූර් නම් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

තවත් කලා පුවත්

Previous
Next Post »