Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආයුබෝවන් !

Tuesday, November 26, 2013

       “කලාපූර්” යනු හින්දි වචනයක්. එහි සිංහල තෙරුම “කලා පුරේ” යන්නයි. ඊට ගැලපෙන පරිදීම මෙම බ්ලොග් අඩවියෙන් අප අපේක්ෂා කරන්නේ සයිබර් අවකාශයේ “කලාව”  වෙනුවෙන් අළුත් ඉඩකඩක් නිර්මාණ කිරීමටයි.
       “කලාව”  යනු සීමා බිදගෙන අසීමිත අවකාශයක විහිදෙන උත්තරීතර හා සුන්දර මානව සංකල්පයක්. ඒ නිසා මෙම බ්ලොග් අඩවියටත් සාම්ප්‍රදායික සීමා නැහැ. ඒත් කලාව හා බැදුණු මුලින් සදහන් කල උත්තරීතර හා සුන්දර යන ගුණාංග මෙම බ්ලොග් අඩවියටත් පොදුයි. අපේ සීමාවන් වන්නෙත් ඒ ගුණාංගමයි.
         අපේ ආදරය දිනාගත් ජ්‍යෙෂ්ඨ හෝ කණිෂ්ඨ කලාකරුවන් ගැන ඔපදූප විතරක් නැතුව ඔවුන්ගේ නිර්මාණ ගැන සමබර විචාරයන්ටත්, කලාවේ උණ්නතිය උදෙසා කෙරෙන විවිධ යෝජනාවන්ටත්, තවත් බොහෝ දේ සදහාත් අවස්ථාව ලබාදෙන්න අප අපේක්ෂා කරනවා.
         ඔබේ ප්‍රතිචාරත් අපට හරිම වැදගත්. “කලාව”   ගැන “කලාකරුවන්” ගැන ඔබට හිතෙන, ඔබට දැනෙන දේවල් අපට ලියන්න.ඔබ සතු ප්‍රවෘත්ති වටිනාකමක් සහිත තොරතුරු ද අපට එවන්න.

චියර්ස්

තවත් කලා පුවත්

First