Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චිත්‍රපට සංස්ථාව අඩියක් පස්සට ගනී.

Monday, December 09, 2013
ණය නොගෙවූ බවට චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් දස දෙනෙකුට එරෙහිව ආරම්භ කෙරුණු නඩු කටයුතු නතර කර දමන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බව ජාතික චිත‍්‍රපට සංස්ථාව පවසනවා. එහි සභාපති අශෝක සේරසිංහ මහතා කියා සිටියේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ප‍්‍රදානත්වයෙන් ඉකුත්දා පැවැත් වූ සාකච්ඡාවකදී ඊට අදාළ එකගතාවන්ට එළඹුණු බවයි.

ණය නොගෙවූ බවට චෝදනා කරමින් චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් දස දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ධර්මසේන පතිරාජ, ජයන්ත චන්ද්‍රසිරි සහ ඉනෝකා සත්‍යාංගනී එම අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක්. සුදත් දේවප‍්‍රිය, සුදත් රෝහණ සහ ප‍්‍රියන්ත කොළඹගේ යන අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ද එලෙස නඩු කටයුතු ආරම්භ වී තිබුණා. කෙසේවෙතත් අප කළ විමසීම් වලදී ඔවුන් අවධාරණය කළේ තමන් ලබාගත්තේ ණයක් නොව චිත‍්‍රපට සංවර්ධන අරමුදල යටතේ ආධාරයක් බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ප‍්‍රදානත්වයෙන් පැවති සාකඡ්ඡාවට එම අධ්‍යක්ෂවරුන්ද කැඳවා තිබුණා. එහිදී එළඹි එකගතාවන් සහ ඉදිරි කටයුතු මොනවාදැයි අප ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතාගෙන් ද විමසා සිටියා.



එම සංවාදය ළගදීම බලාපොරොත්තු වන්න.

තවත් කලා පුවත්

Previous
Next Post »