Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කරීනා ගනන් බස්සලා

Friday, January 10, 2014
කරීනා කපූර් බොලිවුඩ් සිනමාවේ දිදුලන නිළියක්. 2013 වසරේ ඇය රගපෑ චිත්‍රපට බොහෝමයක් අති සාර්ථක වුණා. ඒ නිසාම වෙළඳ දැන්වීමක් සදහා උණත් කරීනා යොදාගැනීමට ඔනැම ලොකු ගාණක් ගෙවන්න නිෂ්පාදකයින් සුදානම්. එසේතිබියදීත් කරීනා වෙළද දැන්වීම් සදහා අය කරන මුදල අඩුකර ඇතැයි බොලිවුඩයෙන් ලැබෙන අළුත්ම ආරංචි වලින් කියැවෙනවා.  

ඉන්දියාවේ ප්‍රසිද්ධ GREEN TEA සමාගමක වෙළඳ දැන්වීමක පෙනී සිටීමට පසුගියදා කරීනා එකඟ වුනා. ඒ ඉන්දියානු රුපියල් කොටි තුනකට. ඒත් මීට පෙර වෙළඳ දැන්වීමක පෙනී සිටීමට ඇය අය කළ මුදල ඉන්දියානු රුපියල් කොටි හතරක්. මීට පිළතුරැ දෙමින් කරීනා කියා සිටියේ තමන් ගණන් බස්සා හෝ අසාර්ථක වී නොමැති බවයි. තමන්ගේ මිල ගණන් රදාපවතින්නේ අදාළ භාණ්ඩය, සේවාව හෝ සමාගම අනුව බව ද ඇය කියා සිටියා.












තවත් කලා පුවත්

Previous
Next Post »