Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඕෂධීත් ඡන්ද සටනට

Saturday, January 18, 2014

බස්නාහිර පළාත් සභාවට තරග වැදීම සඳහා තමන්ට ආරාධනාවක් ලැබුණු බව රංගන ශිල්පිනී  ඕෂධී හේවාමද්දුම පවසනවා. කෙසේවෙතත් එම ආරාධනාව පිළිගන්නේ දැයි තවමත් තීරණය කර නොමැති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් සැමියා සහ පවුලේ සෙසු සාමාජාකයන් සමග සාකච්ඡාකරන බව ද ඇය කියා සිටියා.

රංගන ශිල්පිනියක හා නිරූපණ ශිල්පිනියක වන ගයේෂා පෙරේරා මෙනෙවියද බස්නාහිර පළාත් සභාවට තරගවැදීමට නියමිතයි. නදීෂා හේමමාලි සහ අනර්කලී ආකර්ෂා යන මෙනෙවියන් ද ගීතා කුමාරසිංහ මහත්මිය ද දකුණු පළාත් සභාවට තරග වැදීමට අපේක්ෂාවෙන් සිටිනවා. මාධ්‍යවේදීන් සහ ගායන ශිල්පීන් කිහිපදෙනෙකු දමෙවර බස්නාහිර සහ දකුණ යන පළාත් සභාවලට තරගවැදීමට නියමිතයි. 

තවත් කලා පුවත්

Previous
Next Post »