Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිළියක හා පෙමින් බැදුණු ප්‍රංශ ජනපති මාධ්‍යයෙන් කට්ටි පනී.

Wednesday, January 15, 2014
ජනප‍්‍රිය රංගන ශිල්පිනියක සමග අනියම් සම්බන්ධයක් පැවැත්වු බවට වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රැන්ෂුවා හොලන්ඬේ ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ එරට මාධ්‍යවේදීන් හමුවේයි. අදාල චෝදනා හේතුවෙන් සිය පෞද්ගලික ජිවිතයේ දුෂ්කරම පරිච්ෙඡ්දයකට මුහුණ දි ඇතැයි ද ප‍්‍රංශ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. එම චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති වාර්තා පළවිමත් සමග ජනාධිපති ආර්යාව අසනීප වු බවයි බී.බී.සී ලෝක සේවය පවසන්නේ.ඒ අනුව මීට දින කිහිපයකට පෙර ඇය රෝහල් ගත කෙරුණා.කෙසේවෙතත් ජනාධිපති බිරිද මෙලෙස රෝහල්ගත කර සිටින්නේ විවේකයක් ලබාගැනීමට සහ වෛද්‍ය පරීක්ෂණවලට බවයි එරට ජනපති කාර්යාලය කියා සිටියේ.
මේ අතර ජනාධිපතිවරයාගේ අනියම් පෙම්වතිය ලෙස අනාවරණ වී සිටන ජනප‍්‍රිය රංගන ශිල්පිනිය වන්යේ ජුලී ගේට්.

තවත් කලා පුවත්

Previous
Next Post »