Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රංගනය වෙනුවන් ගෞරවය පාවා දිය යුතුද ?

Thursday, January 16, 2014
රංගනයට, නර්ථනයට හෝ නිරූපණයට අවස්ථාවන් ලබාදෙන බව පවසමින් තරුණියන් මුලාකරන ජාවාරම් රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒවා බොහෝමයකදී සිදුවන්නේ පුවත්පත් හෝ වෙනත් ආකාරයකින් දැන්වීම් පළකර සම්මුඛ පරීක්ෂණ සදහායැයි ආධුනිකයන් කැදවා ඔවුන් වරදට පොළබවා ගැනීමයි. එවැනි ජාවාරමක් සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනින් ද අනාවරණ කෙරුණා. ඒ, කේ.එම් හේමසිරි නමැත්තෙකු පාදක කර ගනිමින්. 

රංගනයට, නර්ථනයට හෝ නිරූපණයට පිවිසිමේදී තරුණියකට ලැජ්ජාව නොමැති විය යුතු බවත්  ඕනෑම අයෙකු ඉදිරිපිට  ඕනෑම ආකාරයකින් හැසිරීමට හෝ සිරුරේ හැඩය සහ සුන්දරත්වය පවත්වාගැනීමට  ඕනෑම කි‍්‍රයාවක් සිදු කිරීමට සූදානම් විය යුතු බවත් කේ.එම් හේමසිරි කියා සිටිනවා.  මෙම උපදෙස් සත්‍යයක් දැයි අප එම ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රවිණයන් කිහිපදෙනෙකුගෙන් විමසා සිටියා. 
හිටපු රු රැජිණක්, ප‍්‍රවීණ නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිරුපණ ශිල්පීන් පුහුණු කරන්නියක ද වන රොසෑන් ඩයස් කියා සිටියේ ලැජ්ජාව යනු ගැහැණියතට තිබිය යුතුම දෙයක් බවයි. ඉදිරියට යාමට ලැජ්ජාව නැති කරගත යුතු නැතැයි ද නිරූපණ වේදිකාවේ දී හෝ කැමරාව ඉදිරිපිට නොබියව සිය නිරූපණය හෝ රංගනය ඉදිරිපත්කිරීම හා ලැජජ්ජාව නැතිකරගැනීම දෙකක් බව ද ඇය කියා සිටියා.
  
කෙසේවෙතත් ලැජ්ජාව නැතිකර ගැනිමට පමණක් නොව තමන් සමගත් තවත් අය සමගත් අනියම් සම්බන්ධතා පවත්වා ගැනීමට පවා වංචාකරුවන් ආධුනිකයින්ට යෝජනා කරනවා. එහෙත් එවැවනි යෝජනාවලට හසු නොවන ලෙසයි ප්‍රවීණ රංගන ශිල්පිණී චාන්දනී සෙනවිරත්න ආධුනිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

රංගනයට, නර්ථනයට හෝ නිරූපණයට පිවිසිය හැක්කේත් එහි දිගු දුරක් යා හැක්කේත් දක්ෂතාවයෙන් සහ සිය කාර්්‍ය  මනා අධ්‍යනයකින් යුතුව වඩා හොදින් ඉටුකිරීමෙන් පමණ ක් බවයි ඇය අවාධරණය කරන්නේ. එසේ නොමැතිව ඇග පෙන්වා හෝ විකුණා ක්ෂේත්‍රයට පිවිසීම නිළියක් වීමේ නොව ගණිකාවක් වීමේ ආරම්භයක් බව ද අවධාරණය කෙරුණා.









මීට අදාල බැලුම්ගල අනාවරණය මෙතනින් අහන්න




තවත් කලා පුවත්

Previous
Next Post »