Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රභාකරන්ගේ පොඩි පුතා චිත්‍රපටියකට

Thursday, January 16, 2014
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතු වූ බාලචන්ද්‍රන්ගේ ජීවිතය අළලා දමිළ චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ තමිල්නාඩු අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රවීන් කාන්ත් විසින්. එහි පූර්ව ප්‍රචාරක පටය ඉකුත්දා අන්තර්ජාලයට මුදාහැරුණා. මෙම චිත්‍රපටය නම්කර තිබෙන්නේ  ‘‘පුලිපාර්වෙයි හෙවත් කොටි බැල්ම නමින්.
බාලචන්ද්‍රන්ගේ චරිතයට ළමයෙකු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණා. ඒ සදහා ළමයින් 100 වැඩි පිරිසක් සහභාගී වුණා. චිත්‍රපටය සදහා තෝරාගෙන තිබෙන්නේ ඒ අතරින් බාලචන්ද්‍රන්ගේ රුවට වඩාත්ම සමීප ළමයායි.

මේ අතර  ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධය අසාධාරණ එකක්යැයි චෝදනාකරමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් මීටපෙර වාර්තා චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කෙරුණා. ‘‘පුලිපාර්වෙයි චිත්‍රපටයත් එවැනි චෝදනාත්මක එකක්යැයි බොහෝ අය සැක පළකරනවා.



තවත් කලා පුවත්

Previous
Next Post »