Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රංශය වසඟ කළ ශ්‍රී ලාංකික කටහඩ

Monday, January 06, 2014

ප්‍රංශයේ ජනප්‍රිය ගුලි රුපවාහිනි නාළිකාව සංවිධානය කළ එකෝල් ඩේ ෆන් නොවෙල් ජෙනරශියොන්නම් සංගීත වැඩසටහනින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික දැරියක් වන නිලුෂි නිශ්ශංකා සමත් වුණා. අගේ වයස අවුරුදු 13 ක්.
අදාළ සංගීත වැඩසටහන ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීයි.  ප්‍රංශයේ සැම නගරයකින්ම පාහේ තරගකරුවන් විශාල පිරිසක් ඊට එක් වුණා. කෙසේවෙතත් අවසන්  මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ ඔවුන්ගෙන් තරගකරුවන් හතර දෙනෙකු පමණයි.

නිලූෂි මීට ලෙරද  සංගීත වැඩසටහන් කිහිපයකින්ම ජයගෙන තිබෙනවා.  ප්‍රංශයේ ජනප්‍රියම ගායිකාවක් වන කැරොලින් කොස්තා ද ඇගේ ගායනයට වහ වැටී තිබෙනවා. ඒ නිසාම පහුගිය දවසක කැරොලින් කොස්තා   නිලූෂිගේ ගෙදරත් අවිත්. ඇය සමග ගීතත් ගායනා කරලා.




තවත් කලා පුවත්

Previous
Next Post »