Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රූ රැජිණක් වෙඩි තබා ඝාතනය කෙරේ

Wednesday, January 08, 2014
වෙනිසියුලාවේ හිටපු රූ රැජිණක වන මොනිකා ස්පියර් සහ ඇගේ දික්කසාද සැමියා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් ඔවුන්ගේ 
පස් හැවිරිදි දියණියද තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. 
ඔවුන් තුන්දෙනා මෝටර් රථයෙන් කිසියම් ගමනක් යමින් සිටියදී එහි කාර්මික දෝෂයක් ඇති වී තිබෙනවා. පසුව එම මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමේදී කිසියම් කණ්ඩායමක් පැමිණ ඔවුන්ට තර්ජනය කර ඇතැයි සඳහන්. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉන් අනතුරුව බවද සැකකාර කණ්ඩායම කොල්ලකරුවන් බවද විශ්වාස කෙරෙනවා. 
මොනිකා ස්පියර් වෙනිසියුලාවේ රූ රැජිණ ලෙස කිරුළ දිනාගත්තේ 2004 වසරේදීයි. ඝාතනයට ලක්වන විට ඇය 29 වන වියේ පසුවුණා. ඝාතනයට ලක්වූ ඇගේ දික්කසාද සැමියා බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්. ඔහුගේ වයස අවුරුදු 39ක් වුණා.





තවත් කලා පුවත්

Previous
Next Post »