Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තනි අතින් අත්පුඩි ගහන්න බෑ - ලිංගික අල්ලස් ගැන තවත් කථාවක්

Thursday, February 27, 2014
කලාව හරිම සුන්දර උණත් කලාවේ යෙදෙන්නන් හෙවත් කලාකරුවන්ගේ සුන්දරත්වය නැවත නැවත ප‍්‍රශ්න කෙරෙනවා. ඊට හේතුවන සිද්ධීන් කිහිපයක් පහුගිය දිනවලත් වාර්තා වුණා. රංගන සහ නිරූපණ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන් ලිංගික ඇසුරට පොළඹවා ගන්නා ජාවාරමක් සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනින් කෙරුණු අනාවරණය ඊට උදාහරණයක්. ටෙලියේ සහ සිනමාවේ පමණක් නොව ගායන ක්ෂේත‍්‍රයේ ද ලිංගික අල්ලස පැතිරි ඇතැයි ගායන ශිල්පිනි සංජිවනි වීරසිංහ කියා සිටියා. රේඩියෝවකින් ගීතයක් ප‍්‍රචාරය කරවා ගැනීමටත්, සංගීත සංදර්ශනයකට අවස්ථාව ලබාගැනීමටත් ලිංගික අල්ලස් ලබා දිමට සිදුව ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ලිංගික අල්ලසක් ඉල්ලූ බොලිවුඞ් අධ්‍යක්‍න්‍ෂවරයෙකුට නවක නිළියක් අතුල් පහරක් දුන් ප‍්‍රවෘත්තියක් අප මීට දින කිහිපයකට පෙර අනාවරණ කළා. එම අධ්‍යක්‍ෂවරයා සුභාෂ් කපූර්. නවක නිළිය වන්නේ ගීතිකා ත්‍යාගී. අධ්‍යක්ෂවරයෙකු විසින් නවක නිලියකට ලිංගික අතවරයක් කිරීමට උත්සහ දැරූ මෙවැනි පුවතක් ඉකුත් දිනවල ශ‍්‍රී ලංකාවෙන්ද වාර්තා වුණා. 
කෙසේවෙතත්  ලිංගික අල්ලස කලාවට පමණක් නොව සෙසු ක්ෂේත‍්‍රවලට ද පොදු වුවක් බවයි රංගන ශිල්පිනි මහේෂි මධුෂංඛා පවසන්නේ. තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි බවද ඇය කියා සිටියා. සීමාවන් හදුනාගෙන කටයුතු කළහොත්  ඕනෑම කරදරයකින් බේරීමට කාන්තාවකට හැකි බවද ඇය කියාසිටිනවා.
මේ අතර රංගන ශිල්පිනි සේමිණි ඉද්දමල්ගොඩ පැවසුවේ කිසිවෙකු තමන්ගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූවහොත් හෝ එවැනි වෙනත් අයථා යෝජනාවක් කළහොත් කාන්තාවන් කළ යුත්තේ එම පුද්ගලයන්ට තද කනේ පහරක් ලබාදීම බවයි ඇය කියා සිටියේ. එසේ නොමැතිව අදාළ සිදිධිය සම්බන්ධයෙන් මාධ්‍ය ලවා දිගින් දිගටම ප‍්‍රචාරය කරවා ගැනීම නම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් බව ද ඇය කියා සිටියා.

NETH NEWS ඇසුරෙන්

තවත් කලා පුවත්

Previous
Next Post »