Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඉන්දියාව වසග කළ සිංහල සිංදුව

Monday, February 17, 2014

හින්දි දමිල හෝ ඉංග‍්‍රිසි ගීතයක් සිංහල බසින් නැවත නිර්මාණ කිරීම නැතහොත් ශ‍්‍රී ලාංකික ගායකයෙකු විසින් ගායනා කරනු ලැබීම අරුමයක් නොවෙයි. එවැනි අවස්ථා සඳහා  ඕනෑතරම් උදාහරණ ද තිබෙනවා. එහෙත් සිංහල ගීතයක් වෙනත් රටක ගායකයෙකු නැවත නිර්මාණය කිරීම ඉතා විරලව සිදුවන්නක්. "කලාපූර් " මේ අනාවරණය එවැනි අවස්ථාවක් ගැන. ඊට පාදක වන්නේ රුවන් හෙට්ටිආරච්චි විසින් මුලින් ගායනා කරන ලද "සීත මාරුතේ " ගීතයයි. වෙනස්කම් කිහිපයක් ද සමග ඉන්දීය ගායක ගෞරව් දගෝන්කර් එම ගීතය නැවත නිර්මාණය කර තිබෙනවා. ඔහු රොක් සහ පොප් ශෛලයේ ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු ලෙසද ඉන්දියාවේ ප‍්‍රකටයි. ලංකා සහ ජෝර්කර් වැ චිත‍්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂවරයා ද ඔහුයි. හින්දි බසින් කළ සිය නිර්මාණ අතරට මෙලෙස  සිංහල ගීතයක් ද එකතු කර ගත්තේ ඇයි? ගෞරව් දගෝන්කර්ගෙන් ඉන්දීය මාධ්‍ය එලෙස ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් ගෞරව් කියා සිටියේ "සීත මාරුතේ "  ගීතයේ තනුව තම සිත සසල කළ බවයි. ඒ නිසා වෙනස් කිහිපයක් සහිතව ගීතය නැවත නිර්මාණය කර ගායනා කිරීමට අමතරව ඊට වීඩියෝවක් ද නිර්මාණ කළ බව ඔහු කියා සිටියා. 




තවත් කලා පුවත්

Previous
Next Post »