Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වයස ගියත් මම තවම තරුණයි - මධුරි

Tuesday, February 18, 2014
මේ වන විට වයස හතලිස් ගණන්වල පසුවන බොලිවුඩ් රංගන ශිල්පීණී මධුරි ඩික්සිත් තවමත් දිදුලන තරුවක්. ඇය ඉන්දියාවේ පී ටී අයි පුවත් සේවය සමඟ ඉකුත්දා වයස සම්බන්ධයෙන් සංවාදයකට එක්වුණා. එහිදී අැය කියාසිටියේ වයස යනු අංකයක් පමණක් බවයි. කෙනෙකුගේ වයස 10 හෝ 20 හෝ 100 වුවත් එයින් ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවය වෙනස් නොවන බවද ප්‍රකාශ කෙරුණා. 
වයස ගැන වගේම විවාහය සම්බන්ධයෙන්ද මිත්‍යා පවතින බවයි මධුරි කියාසිටියේ. අතීත හා වර්තමාන සිනමා ක්ෂේත්රයේ කාන්තාවන්ට හිමිව ඇති ස්ථානය පිළිබඳවද මෙහිදී අදහස් පළකෙරුණා. අතීතයට වඩා වර්තමානයේදී කාන්තාවන් සිනමා ක්ෂේත්රයට කාන්තාව සක්‍රීයව දායකත්වයක් ලබා දෙන බව මධුරී කියාසිටියේ.

"කිසිම කාන්තා සහය අධ්‍යක්ෂිකාවක්, කැමරා ශිල්පිණියක් හෝ වේශ නිරූපණ ශිල්පිනයක් මට දකින්නට නොලැබුණු වකවානුවක් තිබුනා. නමුත් දැන තත්වය ඊට වඩා බොහෝ වෙනස්" ඇය වැඩිදුරටත් කියා සිටියා.




තවත් කලා පුවත්

Previous
Next Post »