ජන්ද සටනට නළු නිළියන් පිවිසීම ඉකුත් දිනවල ශ්‍රී ලංකාවේ ප්රමුඛ මාතෘකාවක් වුණා. ඉදිරියේදී පැවැත්වෙන බස්නාහිර හා දකුණ යන පළාත් සභා මැතිවරණයට තරග කිරීම සදහා තමන් ද ඉදිරිපත්වන බවට ජනප්‍රිය රැල්ලේ නළු නිළියන් කිහිපදෙනෙකුම උදාන වාක්‍ය කීම ඊට හේතුවයි. එහෙත් එලෙස උදම් ඇනූ කිහිපදෙනෙකුටම නාමයෝජනා නම් ලැබුණේ නැහැ.
මේ අතර ඉන්දියාවේ මහමැතිවරණයත් ළගදීම පැවැත්වීමට නියමිතයි. ඒ සදහා වූ සටනේදීත් නළු නිළයන්ට ඉහළ තැනක් ලැබී තිබෙනවා. හැබැයි ඡන්ද අපේක්ෂකයන් හෝ අපේක්ෂිකාවන් ලෙස නොව ප්‍රචාරණ භාණ්ඩ ලෙසයි. පාලක කොංග්රස් පක්ෂය වෙනුවෙන් බොලිවුඩ් නිළි තනීෂා සිංග් සිය නිරුවත ද අලෙවි කිරීමට පටන්ගෙන. එම පක්ෂයේ ප්රචාරක පුවරු හා දැන්වීම් වෙනුවෙන් ඇය අඩනිරුවත්ව පෙනීසිටිනවා. ඒ සම්බන්ධයෙන් මධ්‍යන් කළ විමසීමකදී තනීෂ කියා සිටියේ තමන් වසර ගණනාවක සිට කොංග්රස් පක්ෂයේ සහයිකාවක් බවයි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන රහුල් ගාන්ධි සම්බන්ධයෙන් තම සිතේ අසීමිත ආදරයක් ඇතැයි ද ඇය කියා සිටියා.
මේ අතර ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් ද බොලිවුඩ් තාරකාවක් සිය නිරුවත පෙන්වමින් සිටිනවා. ඒ මේග්නා පටෙල්.
EmoticonEmoticon