Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිෂ්පාදකවරයෙකු ඕනෑකර තිබේ

Friday, February 14, 2014

‘‘ මම චිත‍්‍රපටයක පිටපතක් ලිව්වා. දැන් නිෂ්පාදනයට සුදානම්. එහෙත් නිෂ්පාදකයෙක් අවශ්‍යයයි. ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් මිලියන 15ක් විතර. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වන්න. ’’ 

ඒ ෆේස්බුක් අඩවියේ ඉකුත් දිනක පළ වු කෙටි සටහනක්. එය ලියා තිබුණේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගම. පිළිගත් සහ ප‍්‍රකට අධ්‍යක්‍ෂකවරයෙකු වන ඔහු නිෂ්පාදකයෙකු සොයා ෆේස්බුක් වෙඩි අඩවියේ එවැනි සටහනක් යෙදීම ටිකක් අමුතු දෙයක්. ඇත්තටම ෆේස්බුක් අඩවියේ ඔහු එවැනි සටහනක් යෙදුවේ ඇයි ? ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් මීට පෙර කළ චිත‍්‍රපටවලදී, නිර්මාණයට වඩා කතා බහට ලක්වුයේ ඒවාට මුදල් ලැබුණු ක‍්‍රමය බවයි. මිලඟ නිෂ්පාදනයේ දී හෝ එවැනි කථාබහක් ඇති විම වලක්වා ගැනීම සඳහා තමන් ෆේස්බුක් වෙබ් අඩවියේ ඉහත සටහන යෙදු බවද ඔහු කියා සිටියා.

අශෝක හඳගම නම් අධ්‍යක්‍ෂකවරයාගේ බොහෝ නිර්මාණ ඒවායේ තේමාව නිසා විවේචනයන්ට ලක්වුණා. එම නිර්මාණ වාරණයට ලක්වු අවස්ථා ද සුලභයි. ප‍්‍රදර්ශනය තහනම් වු ‘‘ අක්‍ෂරය ’’ චිත‍්‍රපටය ඊට හොඳම උදාහරණයක් වනවා. අශෝක හඳගමගේ අලූත්ම නිර්මාණයක් මෙලෙස විවාදාත්මක තේමාවත් යටතේ ගොඩනැගන්නක්. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම නිර්මාණය තරමක වෙනස් තේමාවක් යටතේ ගොඩ නැගෙන්නක් බවයි.


ශ‍්‍රී ලංකාවට නොව නිර්මාණ සිදුකරන්නේ විදේශයන්ට බවට ද අශෝක හඳගම චෝදනාවකට ලක්ව සිටිනවා. එහෙත් කිසියම් නිර්මාණයකට දේශසීමා ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි ඔහු කියා සිටින්නේ. විදෙස් රටවල නිර්මාණ සිංහල බසින් නැවත නිර්මාණ කරන්නේ නම් සිංහල බසින් කරන නිර්මාණයක් විදෙස් රටවලට රැුගෙන  යාම වරදක් වන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කළා.


තවත් කලා පුවත්

Previous
Next Post »