Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චීන සිතුවම් ශ්‍රී ලංකාවේදී දකින්න අවස්ථාවක්

Monday, May 26, 2014
ඉතා වටිනා සාම්ප‍්‍රදායික චීන චිත‍්‍ර සමූහයක් ශී‍්‍ර ලංකවේ දී රස විඳීමට ශී‍්‍ර ලාංකිකයන්ට අවස්ථාවක් උදා වී තිබෙනවා. එ් කොළඹ හෝර්ට්න් පෙදෙසේ පිහිටි සෞන්දර්්‍ය විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ ජේ.ඞී.එ්. පෙරේරා කලාගාරයේදී අද ආරම්භ වූ ප‍්‍රදර්ශනයකදීයි.
ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය , විදේශ රටවල් සමග මිත‍්‍රත්වය සඳහා වන බෙයිජිං ජනතා සංගමය සහ සෞන්දර්්‍ය විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කරනවා. අද සහ හෙට දෙදින මහජනතාවට එය විවෘතව තැබෙන බවයි ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේස්රකර මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් වෙනත් බොහෝ ප‍්‍රදර්ශනවලදී මෙන් චිත‍්‍ර මිලදී ගැනීමට මෙම ප‍්‍රදර්ශනයේදී කලාකාමීන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අදාළ චිත‍්‍ර මෙම ප‍්‍රදර්ශනයෙන් පසු තවත් ප‍්‍රදර්ශනයක් සඳහා ඉන්දියාවට රැගෙන යාමට නියමිතව තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »