Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Kiss එකක් නිසා නිළියකට කස පහර 50 ක් ?

Saturday, May 31, 2014
සම්මානනීය සිනමා තාරකාවක් වන ඉරාන ජාතික ලෙයිලා හතමි හාදුවක් නිසා ප්‍රසිද්ධියේ කස පහර 50 ක දඩුවමක් ලැබීමේ අවදානමකට ලක්ව සිටිනවා. මෙම ආන්දෝලනාත්මක හාදුව රූමත් ලෙයිලාට ලබාදී ඇත්තේ කෑන්ස් සිනමා උළලේ සභාපති ගිලෙස් ජාකොබ් විසින්. ලෙයිලා මේ වනවිට 32 වන වියේද ජාකොබ් 83 වන වියේද පසුවනවා. අදාල හාදුව පිළිබද ඉරාන සමාජයේ පවතින්නේ දැඩි කම්පනයක්. ලෙයිලාට දඩුවම් කළ යුතු බව පවසමින් එරට ක්‍රියාකාරීන් පිරිසක් අධාකරණයට යාමත සමග මෙම තත්වය ඇතිවී තිබෙනවා.  ඉස්ලාමීය නීතිය අනුව ප්‍රසිද්ධියේ සිපගැනීම දඩුවම් ලැබිය යුතු වරදක් බවයි ඔවුන් පවසන්නේ. තවද එවැනි ප්‍රසිද්ධ සිපගැනීමක් සිදුකිරීමෙන් ලෙයිලා ඉරාන කාන්තාවන්ගේ ගෞරවයට ද හානියක් සිදුකර තිබෙන බව ඔවුන්ගේ අදහසයි. 
මේ අතර තමන් දුන් හාදුව ලෙයිලාට කස පහර කෑමට හේතුවී ඇතැයි දැනගත්  කෑන්ස් සභාපති ගිලෙස් ජාකොබ් කණකාටුවට පත්වී සිටිනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ හාදුව බටහිර රටවල සාමාන්‍ය ආචාර ක්‍රමයක් බවයි.

ගිලෙස් ජාකොබ් ලෙයිලාට දුන් හාදුව





තවත් කලා පුවත්

Previous
Next Post »