Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සරත්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය අදයි

Tuesday, June 03, 2014
බොහෝදෙනා දන්නා පරිදී නාට්‍යකරුවෙකු වූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් නවකතාකරුවෙකු" කවියෙකු" සාහිත්‍ය විචාරකයෙකු" සමාජ විචාරකයෙකු" ගුරුවරයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස තවත් ක්ෂේත‍්‍ර කිහිපයකද සිය අණසක පතුරුවා හැරියා' මනමේ" සිංහබාහු" පබාවතී" ලෝමහංස" වෙස්සන්තර" මහාසාර" කදා වළලූ" පේමතෝ ජායතී සෝකෝ" කිරි මුට්ටිය ගඟේ ගියා සහ බහින කලාව ඔහුගේ නාට්‍ය කිහිපයක්'  මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මෙම නාට්‍යය බොහෝමයක් බෞද්ධ ජනකථා සහ සිංහල ජනප‍්‍රවාදයන් මත පදනම් වී තිබෙනවා' එහෙත් එම නාට්‍යයන්ගෙන් දේශපාලනික අර්ථයක් ද මතුකරන බවයි ටවර් හෝල් පදනමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ' සිය නාට්‍ය ඩඩා විමසිල්ලෙන් නැරඹුවහොත් එකී අර්ථයන් උකහාගත හැකි බව වරක් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ම තමන් සමග කයූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ' තවද සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යය ශ‍්‍රී ලංකාවට අනන්‍ය නව නාට්‍ය රටාවන් හඳුන්වා දුන් බවද ඔහු පෙන්වාදුන්නා' මනමේ නාඩගම් කලාවේ ආභෂය ලද්දකa' සිංහභාහු වේදිකා නාට්‍යට මානව හිතවාදය කෙසේ ගැලපිය යුතුදැයි පරමාදර්ශයක් සපයනවා' මහාසාර" කාව්‍යමය වේදිකා නාට්‍ය සදහා උදාහරණයක්'
නාට්‍යකරණයෙන් නොනැවති සාහිත්‍ය නම් පොදු කුලකයේ ප‍්‍රගමනය වෙනුවෙන් ද මහාචාර්ය එදිරිවීර සරත්දචන්ද්‍රයන් ඉටුකළ මෙහෙය අනුපමේයයි' නාට්‍ය ගවේෂණ" සාහිත්‍ය විචාර" කල්පනා ලෝකය" සිංහල නවකතා ඉතිහාසය සහ විචාර වැනිි විචාර සහ සාහිත්‍ය ග‍්‍රන්ථ ද මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨ කාර්යන් අතර වනවා' මල ගිය ඇත්තෝ" වල්මත් වී හසරක් නොදුටිමි" ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්ථනය" හෙට එච්චර කළුවර නෑ වැනි නවකථාද කාලයාගේ අවෑමෙන් සහ රූප සුන්දරS වැනි කෙටි කථාද මහාචාර්ය එදිරවීර සරත් චන්ද්‍රයන්ගේ නිර්මාණයි'
මෙම විශිෂ්ඨයාගේ 100 වන ජන්ම සංවත්සරය අදට යෙදී තිබෙනවා' ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවය වෝටර්ස් එජ් හෝටලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි'

මහාචාර්ය එදිරවීර සරත් චන්ද්‍රයන් ගැන තවත් දැනගත්න පහත පිවිසුම් වෙත යන්න'''''''


තවත් කලා පුවත්

Previous
Next Post »