Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සංගීතාට ගුටි බැට පූජාවක් ?

Friday, July 11, 2014
සිරස පොඩ්ඩන්ට පුළුවන් රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස වඩාත් ජනප්‍රිය වූ රංගන ශිල්පිණි සංගීතා තදානි පසුගිය දවසක අකරතැබ්බයකට ලක්වෙලා. පිරිසක් ඇයට බැන තර්ජනය කර පහරදීමටත් උත්සහ කර තිබෙනවා. සංගීතා මෙම අකරතැබ්බයට මුහුණ දී තිබෙන්නේ මහනුවර වැව රවුමේ ව්‍යායාම සදහා දුවමින් සිටියදීයි. අදාල පිරිස බස් රථයකින් බැස ඉක්මන් ගමනින් ඇය වෙත පැමිණ තිබෙනවා. "ඔයාගේ නම සංගීතා නේදැ යි " විමසා ඇති ඔවුන් පසුව "ඔයාගේ සම්පූර්ණ නම සංගීතා තදානි දැයි" විමසා තිබෙනවා. මේ ප්‍රශ්ණ දෙකටම සංගීතා "ඔව්" කියලා උත්තර දීමත් එක්ක අදාල පිරිස කුපිත වෙලා. "ඔයා" කියන ආමාන්ත්‍රණ වෙනුවට එතැන් සිට ඔවුන් සංගීතා අමතා ඇත්තේ "තමුසේ" හෝ ඊටත් වඩා දැඩි වචන වලින්.

"මොනාද තමුසේ හිතන් ඉන්නේ, සුදදොත් එක්ක එකතු වෙලා අපේ රට විනාශ කරන්නද උඹ හදන්නේ ?" ඔය ආදි වශයෙන් අමුතු කථා කියමින් තමයි ඔවුන් ඇයට බැණ වැදීි තිබෙන්නේ. එත් ඔවුන් මේ මොනවද කියන්නේ කියලා එකපාරටම තේරුම් ගන්න සංගීතට බැරි වෙලා. ඒත් ටිකක් වෙලා යද්දි තමයි ඇයට තේරි තිබෙන්නේ ඒ අය මේ කථාකරන්නේ තමන් "යාය 4" ටෙලිනාට්‍යයේ රගපෑ චරිතය සම්බන්ධයෙන් බව. ඉතින් එය කථාවක් පමණක් බවත් තමන් රටට කවදාවත් එරෙහි නොවන බවත් කුපිත වූ පිරිසට වටහා දීමට සංගීතා උත්සහ කර තිබෙනවා. ඒත් වැඩක් වෙලා නෑ. ඔවුන් අයට පහරදීමටත් සූදානම් වී තිබෙනවා. කොහොම හරි අසල සිටි පොලිස් නිලධාරියෙකු මේ බව දැක එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථ කර තිබෙනවා. ඔන්න ඕක තමයි "යාය 4" ටෙලිනාට්‍යයේ සුපිරි රංගනය වෙනුවෙන් සංගීතාට ලැබුණු සම්මානය. 
මේ දිනවල විකාශය වෙන Facebok ටෙලිනාට්‍යයටත් ඇය දායක වී සිටිනවා. ඇය සිනමාවට පිවිසියේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ "රන් කෙවිට 2" චිත්‍රපටයෙන්.


තවත් කලා පුවත්

Previous
Next Post »