Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ත්‍රී ඊඩියට්ස් පරදා චෙන්නයි එක්ස්ප්‍රස් මුල් තැනට

Tuesday, December 31, 2013
චෙන්නායි එක්ස්ප‍්‍රස් 2013 වසරේ නිර්මාණය වුණු අති සාර්ථක බොලිවුඞ් චිත‍්‍රපටයක්. රොමැන්ටික්, කොමඩි, ඇක්ෂන් මේ සේරම අඩංගු චෙන්නායි එක්ස්ප‍්‍රස් අධ්‍යක්ෂණය කළේ රෝහිත් ෂෙට්ටි. නිෂ්පාදනය කළේ ෂාරුක් ඛාන්ගේ නිෂ්පාදන ආයතනය වෙනුවෙන් ගෞරි ඛාන්. එතකොට රගපාන්නේ ශාරුක් ඛාන් එක්ක දීපිකා පදුකෝන්. මීට කලින් වැඩිම ආදායම් වාර්තා පිහිටවපු ත්‍රී ඊඩියට්ස් චිත‍්‍රපටය ද අභිබවා යමින් ඉන්දීය රුපියල් බිලියන 4 කට වැඩි ආදායමක් උපයන්න චෙන්නායි එක්ස්ප‍්‍රස් චිත‍්‍රපටය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. 

 ඕම් ශාන්ති  ඕම් චිත‍්‍රපටයෙන් පස්සේ ශාරුක්වයි දීපිකාවයි එකට දකින්න ලැබෙන පළවෙනි අවස්ථාව තමයි මේ. දීපිකා මේකෙ රඟපාන්නෙ දමිළ යුවතියකගෙ චරිතයක්. සමහර අය කියන විදිහට නම් දීපිකා වෙනුවට හඬකවන්නෙ වෙන කෙනෙක්. ඒත් ඇය ඒ කතාව ප‍්‍රතික්ෂේප කරනවා. 


චෙන්නායි එක්ස්ප‍්‍රස් ගැන ශාරුක් ඛාන් අපිත් එක්ක කිව්වේ මේ වගේ කතාවක්. 

චෙන්නායි එක්ස්ප‍්‍රස් තිරගත වෙන්න කලින් වැඩිම ආදායමක් ලබපු චිත‍්‍රපටය වුණේ ත්‍රී ඊඩියට්ස්. හැබැයි ඉන්දියානු රුපියල් බිලියන 4 ක් ලබා ගනිමින් චෙන්නායි එක්ස්ප‍්‍රස් ඒ වාර්තාව බිඳ හෙළුවා.
චෙන්නයි එක්ස්ප්‍රස් හි ලස්සන සින්දුවක් පහලින්.

තවත් කලා පුවත්

Previous
Next Post »