Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජොන් රහසෙම බැදලා ද?

Sunday, January 05, 2014
ජෝන් ඒබ‍්‍රහම් කාටවත්ම නොකිය විවාහ වෙලා කියල තමයි අරන්චි. අවුරුදු 8ක් තිස්සෙ බිපාෂා එක්ක තිබ්බ සම්බන්දෙට තිත තියපු ජෝන් ඊළඟට යාළු වුණේ ප‍්‍රියා රංචල් එක්ක. පසුගිය දවස්වල ජෝන් කිය කිය හිටියෙ පි‍්‍රයාව විවාහ කර ගන්නකම් තමන්ට ඉවසිල්ලක් නෑ කියලා. ඒ හින්දද කොහෙද අලූත් අවුරුද්ද සමරන්න පි‍්‍රයා එක්ක ඇමරිකාවට ගිය වෙලාවෙදි දෙන්නා විවාහ ගිවිසගෙන තියෙන්නේ. මේ කතාව ඇත්තක් කියලා හිතෙන්නෙ ජෝන් තමන්ගෙ ටුවිටර් ගිණුමට දාලා තිබ්බ නව වසරේ සුබ පැතුම් පණිවුඬේ දැක්කාම. ඒකෙ අන්තිමට තියෙනවා ජෝන් ඒබ‍්‍රහම් සහ පි‍්‍රයා ඒබ‍්‍රහම් කියලා. මීට කලින් කවදාවත් ජෝන් තමන්ගෙ වාසගම එක්ක පි‍්‍රයාව හඳුන්වලා දීලා නැති නිසා මේ කතාව ඇත්තක් කියලයි අපිටත් හිතෙන්නෙ.





තවත් කලා පුවත්

Previous
Next Post »