Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Fast and Furious පෝල්ගේ තැන කෝඩිට

Thursday, December 26, 2013
Fast and Furious චිත්‍රපට මාලාවේ බ්‍රයන්ගේ චරිතය නිරූපණය කරමින් ලොවපුරා ජනාදරයට පත් පෝල් වෝකර් (Paul Walker)මීට සති කිහිපයකට පෙර හදිසි අනතුරකට ලක්ව මියගියා. ඒ නිසා Fast and Furious චිත්‍රපටමාලාවේ 7 වන කොටස අතරමග නතර කර දැමීමටයි එහි නිෂ්පාදකයන වන යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමාගම තීරණය කර තිබුණේ. ඒවන විටත් පෝල් වෝකර්ගේ (Paul Walker) සහභාගීත්වයෙන් ජවනිකා ගණනාවක් රූගතකර තිබීමත් ඔහු නැතිව ඉතිරි ජවනිකා රූගත කිරීමට නොහැකිවීමත් ඊට හේතුවයි. 
ඒත් දැන් ඒ සදහා  යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමාගම විසින්ම විසදුමක් සොයාගෙන. ඒ බ්‍රයන්ගේ චරිතයේ ඉතිරි ජවනිකා සදහා පෝල් වෝකර් (Paul Walker)වෙනුවට ඔහුගේ සහෝදරයෙකු වන කෝඩි වෝකර් (Cody Walker) යොදා ගැනීමයි.
දැනට 25 වනවියේ පසුවන කෝඩි වෝකර් (Cody Walker) හැඩහුරුකමින් පෝල් වෝකර්ට (Paul Walker)  සෑහෙන දුරට සමානයි. ඒත් දෙදෙනා අතර වෙනස්කම් ද නැතිවා නොවෙයි. ඉතින් ඒවා ප්‍රේක්ෂකයන්ගෙන් සැගවීමටත් යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමාගම ක්‍රමයක් සොයාගෙන. ඒ කෝඩි වෝකර් (Cody Walker) පෙනීසිටින දර්ශන සදහා පිටුපස සහ දුරස්ථ කැමරා කෝණ යොදාගැනීමයි. සමීප දර්ශනවලදී පමණක් මුහුණ ත්‍රිමාණ සජීවීකරණයන් යොදාගැනීමට ද යෝජනා වී තිබෙනවා. ඒ අනුව අතරමග නතර වීමට ගිය Fast and Furious චිත්‍රපටමාලාවේ 7 වන  කොටස දැන් යළ පණ ලබනු ඇති.



තවත් කලා පුවත්

Previous
Next Post »