Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පබා දින්නේ දුක විකුණා, රංජා දින්නේ ගොඹ පෙන්නා ?

Wednesday, January 22, 2014
මෙවර බස්නාහිර සහ දකුණ යන පළාත් සභාව සඳහා මෙවර ඡන්ද විමසීමේදි රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකුම ඉදිරිපත්වන බව දැන් තහවුරු වී තිබෙනවා.
ගීතා කුමාරසිංහ සහ අනර්කලී ආකර්ෂා එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් දකුණු පළාත් සභාවට තරගවැදීමට නියමිතයි. නදීශා හේමමාලි එක්සත් ජාතික පක්‍ෂයෙන් එම පළාත් සභාවට තරගවදිවනු ඇත. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ප්‍රවෘත්ති මාලාවක් ආරම්භ කර තිබෙනවා. එහිදී කර ඇති විමසීමකදී දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්‍ධාන හිටපු මන්ත‍්‍රීවරයෙකු වන අජිත් ප‍්‍රසන්න ප්‍රකාශ කර තිබෙන්නේ රංගන ශිල්පිනියන් හෝ රංගන ශිල්පීන් වැනි වෙනත් ක්ෂේත‍්‍රවල ප‍්‍රකට චරිත දේශපාලනයට පිවිසිමෙන් සාම්ප‍්‍රදායික දේශපාලනඥයින් පීඩාවට පත්වන බවයි. ඔවුන්ට ඡන්දය ලැබෙන්නේ ප්‍රතිපත්ති, දක්ෂතා හෝ දේශපාලන දැනුම සදහා නොව ජනප්‍රියත්වයට බව ද ප්‍රකාශ කෙරුණා. ඊට උදාහරණයක් ලෙස ඔහු පෙන්වාදුන්නේ උපේක්ෂා ස්වර්ණමාලි සහ රංජන් රාමනායකයි. උපේක්ෂාට ඡන්දය ලැබෙන්නේ පබා චරිතයට බව ද රංජන්ට ඡන්දය ලැබෙන්නේ මස්ගොඹ පුම්බමින් දුෂ්ඨයා පරාජය කරන වීරයාට බව ද එහිදී ප්‍රකාශ කෙරුණා. සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ සිදුකරන්නේ ඔවුන්ගේ මෙම ජනප්‍රියත්වය සිය  පිරිහීම් වසා ගැනීමට යොදාගැනීම බවයි අජිත් ප්‍රසන්න වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. එයින් අදාල රංගන ශිල්පීන්ට හෝ රංගන ශිල්පිනියන්ට ද අසාධාරණයක් සිදුවන බව ඔහු පෙන්වා දී තිබෙනවා. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ එක් ඡන්දයකදී ඔවුන්ට නාම යෝජනා සහ මහජන ආකර්ශනය ලැබුණ ද ඊළග අවස්ථාවෙදී ඔවුන් ප්‍රතික්ෂේප වීමයි.


නෙත් නිව්ස් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන බන්දුලාල් බණ්ඩාරිගොඩගෙන්ද විමසා ඇති අතර ඔහු කියාඇත්තේ දේශපාලනය ගැන අවබෝධයක් නොමැති පිරිස් දේශපාලනයට පිවිසිමෙන් පක්‍ෂ මාරු ද වැඩිවන බවයි. කිසියම් අයෙකුට ඡන්දයක් සදහා නාම යෝජනා ලබාදීමට පෙර ඔහු හෝ ඇය අදාළ ඡන්ද කොට්ඨාශය පිළිබද අවම දැනුමක් හෝ තිබේදැයි විමසා බැලිය යුතු බව ද එහදී ප්‍රකාශ වී තිබෙනවා.

නෙත් නිව්සු ඇසුරෙන්

තවත් කලා පුවත්

Previous
Next Post »