Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සිරි පැරකුම් චිත්‍රපටයට අන්තර්ජාතික සම්මානයක්

Tuesday, January 21, 2014
සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සිරි පැරකුම් චිත්‍රපටය අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ බංග්ලාදේශයේ පැවති ඩකා අන්තර්ජාතික සිනමා උළලේ දී වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් චිත්‍රපටය ලෙසයි. මෙම සම්මානය තමන්ට ඉතා වැදගත් බව සෝමරත්න දිසානායක  කියා සිටියා. සිරි පැරකුම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී වගේම විදෙස් රටවලදීත් රසික සිත් දිනගෙන ඇතැයි එයින් පෙනීයාමයි ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ. මෙම සිනමා උළෙලට චිත්‍රපට 160 ක් ඉදිරිපත් කර තිබූ අතර ඒවායෙන් බංග්ලාදේශ චිත්‍රපට ගණන 15 ක් පමණයි.

සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සෙසු සියළු චිත්‍රපට ද අන්තර්ජාතික සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. කෙසේවෙතත් සිරි පැරකුම් චිත්‍රපටයට ලැබුණු පළමු අන්තර්ජාතික සම්මානය මෙයයි.  ඒ සමග සෝමරත්න දිසානායකගේ අන්තර්ජාතික සම්මාන ගණන 33ක් දක්වා ඉහළ යනවා.






තවත් කලා පුවත්

Previous
Next Post »