Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බිපාෂා බාසුගේ තණිකඩ ජීවිතය අවසන් ?

Sunday, January 19, 2014
බොලිවුඩ් නළු ජෝන් ඒබර. මහම්ගේ විවාහයෙන් පසු දැන් බොලිවුඩ් නිළි බිපාෂා බාසු ද විවාහයට සූදානම් වෙමින් සිටිනවා. ජොන් සහ බිපාෂා පැරණි පෙම්වතුන්. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය වසර 08 ක් පමණ තිස්සේ පැවැතුණා. එම ප්‍රේම සම්බන්ධය දෙදරයාමෙන් පසු ජෝන් විවාහ වුණේ මීට මාසෙකට විතර කලින්. බොලිවුඩ් ආරංචි වලට අනුව බිපාෂාගේ අලූත්ම පෙම්වතා හර්මන් බවේජා. කෙසේවෙතත් බිපාෂා නම් කියන්නේ ජෝන්ගෙන් පස්සේ ඇයට තවමත් පෙම්වතෙක් නෑ කියලයි. ඇය විවාහට සූදානම් වන්නේද ඒ බොරුවටම මුවා වී බව බොලිවුඩ් ආරංචි කියාසිටියා.

මේ අතර තමන් කවදා විවාහ වුණත් අනිවාර්යෙන්ම එය බෙංගාලි විවාහයක් බවයි බිපාෂා පවසන්නේ. එසේනොවුණහොත් තමන්ගේ මව විවාහයට සහභාගි නොවනු ඇතැයි ද ඇය කියාසිටියා.

ජෝන් - බිපාෂා පැරණි ආදරයේ මතක සටහන් කිහිපයක්.





තවත් කලා පුවත්

Previous
Next Post »