Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කාම සුත්‍ර ප්‍රධාන නිළියට නඩුවක්

Sunday, January 19, 2014
කාම සූත්‍ර 3D චිත්‍රපටයේ අධ්‍යක්ෂ රුපේෂ් පෝල් එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ෂර්ලින් චොප්රාට එන්තරවාසියක් යවා තිබෙනවා. ඒ ට්විටර් වෙබ් අඩවිය ඔස්දේ අය විසින් කෙරුණු ඇතැම් ප්‍රකාශවලින් තමන්ට අපහාසු වූ බව පවසමින්. ඊට සමාව ගෙන අදාළ ප්‍රකාශ නිවැරදි කරන ලෙස ද නැතහොත් ඉන්දිය රුපියල් කෝටි 5 ක් වන්දි ලෙස ඉල්ලා නඩු පවරන බව ද එම එන්තරවාසියේ දැක්වෙනවා.
කාම සූත්‍ර යනු ඉන්දීයාවේ විසූ දාර්ශනිකයෙකු විසින් රචනා කරන ලද්දක්.මිනිසුන් සදහා ලිංගික අත්පොතක් වන ඒ ඇසුරින් භාෂා කිහිපයකින්ම චිත්‍රපට නිර්මාණකර තිබෙනවා. කෙසේවෙතත් ඒ ඇසුරින් 3D චිත්‍රපටයක් නිර්මාණය කෙරුණු පළමු අවස්ථාව මෙයයි. එහි ප්‍රධාන නිළිය වන ෂර්ලින් චොප්රා සුප්‍රකට Play Boy සගරාවේ මුල්කවරයට පෙනීසිට පළමු ඉන්දීය යුවතිය ද වනවා. අදාළ චරිතය සදහා නොපැකිළව ඉදිරිපත්වීම ද ඇය එම චරිතයට තෝරාගැනීමට ප්‍රමුඛ හේතුවක් වූ බවයි එහි අධ්‍යක්ෂ රුපේෂ් පෝල් මුල් කාලය්දී කියාසිටියේ. එහෙත් පසුව මේ දෙදනා අතර ආරවුල් නිර්මාණ වුණා.  ෂර්ලින් චොප්රා කියා සිටියේ රූගත කිරීම් අතරවාරයේ දී රුපේෂ් පෝල්ට මුදල් හිගයක් ද ඇතිවූ බවයි. එම අවස්ථාවලදී ඔහුට නිෂ්පාදකවරුන් සොයා දුන්නේ ද තමන් බව කියාසිටියා. එසේ තිබියදීත් ඔහු තමන්ට අකාරුණික වූ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. ඒ අනුව කාම සූත්‍ර 3D චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට පවා සහභාගීවීම ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.





තවත් කලා පුවත්

Previous
Next Post »