Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරබෙයි

Wednesday, February 12, 2014
42 වන රාජ්‍ය නාට්‍ය උළෙල මේ  දිනවල පැවැත්වෙනවා. එහි සංවිධාන කාර්යය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් සහ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයෙන්. වසරක් පුරා වේදිකාගත කෙරුණු දිගු නාට්‍ය 13ක් සහ කෙටි නාට්‍ය 15ක් මෙම නාට්‍ය උළෙල නියෝජනය කරනවා.  පහත කාලසටහනට අනුව සෑම දිනෙකම සවස 6.30ට එම නාට්‍ය කොළඹ ටවර් රගහලේදී රගදැක්වෙනු ඇති. ඒ සදහා වන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 100 ක් පමණයි.


පෙබ 10 - රංජිත් ධර්මකීර්තිගේ - අංගාර ගඟ ගලා බසියි
පෙබ 11 - රාජිත දිසානායකගේ් - ආදර වස්තුව
පෙබ 12 - ඩබ්ලිව් එස් විජේසිංහගේ  - ටේ‍්‍රන් ඩ‍්‍රයිවර්
පෙබ 13 - පී එම් ඞී උපාලිගේ  - ඉඩමේදී විකිණේ
පෙබ 14 - ආර් එම් යසරත්නගේ  - උත්තරීතර
පෙබ 15 - සේනක එදිරිසිංහගේ  - බ්ලැකවුට්
පෙබ 16 - චාමික හත්ලහවත්තගේ  - මකරට
පෙබ 17 - බුද්ධික දමයන්තගේ  - චේ ගුවේරා
පෙබ 18 - ප‍්‍රියංකර රත්නායකගේ  - විසේකාරයෝ
පෙබ 19 - අකිල සපුමල්ගේ  - රාවණා ආදරයේ හුස්ම ළග
පෙබ 20 - උදයසිරි වික‍්‍රමගේ  - රගපෑම් ඉවරයි
පෙබ 21 - ජයලත් මනෝරත්නගේ  - සෙල්ලම් නිරිඳු
පෙබ 22 - පරාක‍්‍රම නිරිඇල්ලගේ  - හුණුවටයේ කතාව
පෙබ 26 - උපනන්ද වැලිකලගේ  - මුහාම්
පෙබ 28 - ඩග්ලස් සිරිවර්ධනගේ  - බෙර හඬ

අවසන් වටයේ කෙටි නාට්‍ය

පෙබ 23 - කනවුල අජරාමර, අන්තිම තත්පරය, අතිකාල, ගැහැණු කවුරුද වරදේ නොබැෙඳන
පෙබ 24 - සවාපොට්ටි, දොර වහලා, මම බහින්නේ නෑ, සේසතයි කුමරියයි, සුධම්මාවතී
පෙබ 25 - නාන් ජොට් ෆයින් ආර්ට්ස්, හනිමූන්, හීන සොයාගෙන, හැදුවේ අපිනේ, ෆෝ මැට්

තවත් කලා පුවත්

Previous
Next Post »