Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උපේක්ෂාගේ මල් කැඩිල්ල

Thursday, February 13, 2014
බැන අඩගසාගැනීම් ද ගුටි බැට හා එකිනෙකාට කෙරුණු අපවාදවලින්ද පසු රංගන ශිල්පිණී, පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලිගේ පළමු විවාහය දෙදරා ගියා. එයින් පසු දැන් ඇය නැවතවරක් පෙම්වතියක් වෙලා. මෙවර ඇගේ පෙම්වතා ව්‍යපාරිකයෙක්. පදිංචිය රත්මලානේ. උපේක්ෂාට අනුව ඔහු හොද සල්ලිකාරයෙක්. ලස්සනින් හා බුද්ධියෙන් ද ඔහු තමන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි ඇය කියන්නේ. හැබැයි උපේක්ෂා වගේම ඔහුත් කලින් විවාහ වූ කෙනෙක්. ඔහුගේ දිකසාද නඩුවත් තවම උසාවියේ. බෙහොවිට ලබන මස 24 දා (මාර්තු 24) එහි තීන්දුව ලැබීමට නියමිතයි. ඊටපස්සේ සිය විවාහය ගැන කල්පනාකරන බව උප්ක්ෂා විඩිදුරටත් කියා සිටියා.
කෙසේවෙතත් මේ දවස්වල උපේක්ෂා ඉන්නේ දුරකථනයේම එල්ලිලා. ඒ ගැන ඇහුවම ඇය කියන්නේ තමන් දවසට තුන් හතර පාරක්ම තම පෙම්වතාට කථාකරන බවයි. පෙම්වතියක් එලෙස මල් කැඩීමේ වරද කුමක්දැයි ඇය අතුරු ප්‍රශ්ණයක් ද නගනවා.  
මේ දෙන්නා මුලින්ම හමුවී තිබෙන්නේ උපන්දින සාදයකදීයි. ප්‍රේම සම්බන්ධයක් සදහා මුලින්ම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඔහුයි. එවෙලේ මුකුත් නොකියා තමන් හොරෙක් වගේ නිහඩව සිටි බවයි උපේක්ෂා කියන්නේ. ඔහු තමන්ට ආදරය කරන බව හොදින්ම දැන සිටි බව ද ඒ නිසා ඔහු නැවත වරක් තමන්ගෙන් ආදරය ඉල්ලනු ඇතැයි හොදින්ම දැන සිටි බවද ඇය කියා සිටියා. ඒ නිසා මිතුරියක මගින් රහසිගතව ඔහු ගැන විස්තර  සොයාබැලූ බව ද පසුව ඔහුට කැමැත්ත පළකල බව ද ඇය පවසනවා.

උපේක්ෂාගේ කලින් විවාහයේ අවස්ථා කිහිපයක්





උපේක්ෂාගේ නිරූපණ දිවියේ අවස්ථා කිහිපයක්



තවත් කලා පුවත්

Previous
Next Post »