Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ෂකීරා හා රිහානාගේ අනඟ රැගුමට තහංචියක්

Thursday, February 20, 2014
ජනප්‍රිය පොප් ගායිකා ෂකීරාගේ නවතම ගීත වීඩියෝව වන ‘‘Can't Remember to Forget you’’ තහනම් කළයුතු බව කොලොම්බියානු මන්ත‍්‍රණ  මණ්ඩලයේදී යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. එහි සභිකයෙකු වන මාකෝ ෆිදෙල් ප‍්‍රකාශ කරන්නේ ෂකීරා, තවත් පොප් ගායිකාවක වන රිහානා සමග එක්ව පෙනී සිටින මෙම වීඩියෝව සදාචාර සීම ඉක්මවන්නක් බවයි. ෂකීරා සහ රිහානා දුම්පානය කරමින් හා අඩ නිරුවතින් සයනයක එකිනෙකා සමග සමීපව හැසිරෙන දර්ශනයක් ද ඊට ඇතුලත්. එමගින් දරුවන් වරදට පොළඹබව බවයි මාකෝ ෆිදෙල්ගේ අදහස වන්නේ. ඒ නිසා ආදල ගීත වීඩියෝව අන්තර්ජාලයෙන් ගලවා දමන්නැයි ඉල්ලමින් තමන්  ෂකීරා වෙත ලිපියක් ද යැවූ බව ඔහු කියා සිටියා.කෙසේවෙතත් මෙම ගීත වීඩියෝ  යූ ටියුබ් වෙබ් අඩවියෙන් පමණක් මේ වනවිට නරඹා ඇති සංඛ්‍යාව 137,188,850 ක්. 
මේ අතර ෂකීරා පවසන්නේ රිහානා සමග මෙවැනි ගීතයක් නිර්මාණ කිරීමට තමන් බොහෝ කලායක් තිස්සේ ඉමහත් ආශාවෙන් බලා සිටි බවයි. ඇය මීට පෙර බියොන්සෙ සමගද මෙවැනි වෙනස් ආකාරයේ ගීත වීඩියෝවක් නිර්මාණ කළා.





තවත් කලා පුවත්

Previous
Next Post »