Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නතාෂා නීතිඥවරියක් වෙයි

Thursday, February 20, 2014
නතාෂා පෙරේරා, මුලින්ම ගායිකාවක්. පසුව රංගන ශිල්පිණියක් ලෙසත් ඊටත් පසුව නිවේදිකාවක් ලෙසත් ඇය රසික සිත් වලට ලංවුණා. එත් ටික කාලෙකින් ඇය කරළියට ආවේ නැහැ. ඊට හේතුව කුමක්දැයි කෙරුණු විමසීමකදී ඇය කියාසිටියේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කිරීමට ඉකුත් සමයේදී තමන්ට සිදුවූ බවයි. 
දැන් තමන් නීතිවේදිනියක් බවද තවත් මාස කිහිපයකින් තමන් නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනීසිටින බව ද නතාෂා පවසනවා. ඉන් අනතුරුව නීතීඥවරියක් ලෙස දිවුරුම් දී එම ධුරයේ කටයුතු කිරීමයි ඇගේ බලාපොරොත්තුව. කෙසේවෙතත් හොද නිර්මාණයක් සදහා ආරාධනයක් ලැබුණහොත් හැකි පමණින් ඒවාටද දායක වන බව ඇය කියාසිටියා.





හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්

තවත් කලා පුවත්

Previous
Next Post »