Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රොජර්ට අත්හිටවු සිරදඩුවම්

Tuesday, February 25, 2014
අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට සන්ධානයෙන් තරග වඳින නළුවකු වන රොජර් සෙනවිරත්නට වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක් නියම කළාය.

යකඩ පොල්ලකින් පහර දී ව්‍යාපාරිකයෙකුගෙගේ පාදයකට බරතල තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ රොජර් සෙනෙවිරත්නට රුපියල් 3,500ක දඩයක් ද පාදයට සිදු වූ හානියට එම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ද එහිදී රොජර්ට නියම විය.

තවද එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමට ද එකී දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක බරපතල සිරදඬුවම් ලබාදීමටත් විනිසුරුවරිය නියම කළාය.

එසේම රුපියල් 3,500 දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩසහිත මාස හතරක සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය

තවත් කලා පුවත්

Previous
Next Post »