Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රිතික්ගෙන් දික්කසාද වන්දිය ලෙස ඉන්දියානු රුපියල් කෝටි සියයක්

Tuesday, February 25, 2014


රිතික් රෝෂන් පසුගියදා ඔහුගේ දහතුන් වසරක විවාහ ජිවිතය කෙළවර වුණා. සුසෑන් ඛාන් සමග ඔහු විවාහ වූයේ ළාබාල වියේදීම ඇතිකරගත් දිගු කාලීන පෙම් සබඳතාවයකින් පසුවයි. මේ විවාහය බිඳ වැටීමට හේතුව රිතික් හා මෙක්සිකානු නිළි බාබරා මෝරි අතර පෙම් සබඳතාවයයි.

රිතික්ගෙන් දික්කසාද වීමට නඩු පවරන බව හා එහිදී දික්කසාද වන්දිය වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි සියයක් ඉල්ලන්නට බලාපොරොත්තු වන බව සුසෑන් කියා තිබෙනවා.
රිතික් වැනි ධනවත් නළුවෙකුට මෙය විශාල මුදලක් නොවන බව කියන සුසෑන්ගේ නීතිඥයින් එම මුදලින් වැඩි කොටස දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන බව පවසා තිබෙනවා.
මේ අතරේ රිතික් හා බාබරා මෝරි අතර පෙම් සබඳතාවයටත් වඩා මේ සඳහා බලපෑ බවට තවත් දෙයක් කටකතාවක් ලෙස පැතිරිලා.ඒ සුසෑන් හා ජනප‍්‍රිය නළු අර්ජුන් රාම්පාල් අතර යම් සබඳතාවයක් හේතුවෙන් මේ වෙන්වීම සිදු වූ බවයි. රිතික් හා බිරිය සමග අර්ජුන් හා
ඔහුගේ බිරිය මෙහෙර් ඉතා කිට්ටු හිතවත්කම් පවත්වනවා. මේ නිසා මේ කටකතාව හැදෙන්නට ඇතැයි සමහරු සැක කරන්නේ අර්ජුන් තම බිරිය හා දියණියන් දෙදෙනා සමග ඉතා ප‍්‍රීතිමත් පවුල් ජිවිතයක් ගෙවන බවට ඇති විශ්වාසය නිසයි. කලක් ප‍්‍රකට නිරූපිකාවක වූ අර්ජුන්ගේ බිරිය වර්තමානයේ ජනප‍්‍රිය ඇතැම් නිළියන්ව මෝස්තර ලෝකයට හඳුන්වාදීමේ ගෞරවයත් හිමිකරගෙන සිටින අයෙක්.
රිතික් හා තමා වෙන්වුණේ අර්ජුන් නිසා බවට ඇති කටකතාව සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන සුසෑන් කියන්නේ කිසිවෙකුගේ උපදෙස් මත තමා කටයුතු නොකරන බව හා මේ වෙන්වීමට අර්ජුන් කිසිසේත් වගකිව යුතු නැති බවයි. ඇතැම් කටකතාවලින් කියැවෙන්නේ අර්ජුන් හා සුසෑන් අතර පේ‍්‍රම සම්බන්ධයක් නැතත් දැඩි සමීප බව හේතුවෙන් රිතික් හා බාබරා අතර අනියම් සබදතාවය දැනගත් පසු ඔහුගෙන් වෙන්වන ලෙසට අර්ජුන් විසින් සුසෑන්ට බලපෑම් කළ බවයි.
බිරියගෙන් වෙන්වීමෙන් පසු වෛද්‍ය පරික්ෂණයක් සඳහා රිතික් විදෙස්ගත වූ අතර ඒ අවස්ථාවේ ඔහුගේ තනියට ගියේ බාබරා බවත් කියැවෙනවා. කෙසේවුණත් මේ දිනවල රිතික් හා පවුලේ උදවිය නිහඬව සිටින්නේ විවාහය දෙදරාගියේ බාබරා සමග වූ අනියම් සබඳතාවය නිසායැයි අධිකරණයේදී ඔප්පුවුණොත් ගෙවන්නට වන වන්දිය විශාල විය හැකි නිසා බව කියැවෙනවා. තම ජීවිතයෙන් වසර ගණනාවක් රිතික් හා ඔහුගේ පවුලේ උදවිය වෙනුවෙන් කැපකළ නිසා ස්ථිර වශයෙන්ම තමාට ඉහත සඳහන් වන්දි මුදල ලැබිය යුතුයැයි නීතිඥයින් මගින් දැන්වීමට සුසෑන් සූදානම් වන නිසා අර්ජුන් සම්බන්ධ කටකතාවක් රිතික්ගේ පාර්ශ්වය විසින් පතුරවන්නට ඇති බවත් සමහරු සැක කරනවා




තවත් කලා පුවත්

Previous
Next Post »