Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගුවන් සේවක සත්‍ය කථාවක් චිත්‍රපටකට

Monday, February 24, 2014
ඇතැම් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන්නේ සත්‍ය සිද්ධීන් පාදක කරගෙන. එලෙස සත්‍ය සිද්ධියක් පාදක කරගනිමින් නිපදවූ බව කියන තවත චිත්‍රපටයක් දැන් තිරගත කිරීමට සූදානම්. එහි අධ්‍යක්ෂවරයා නුපූර් අස්ථානා. අයුෂ්මාන් කුරානා හා සෝනම් කපූර් එහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටයේ නම Bewakoofiyan. මෙහි කථාව ගෙතී තිබෙන්නේ වියදම් කපාහැරීමේ අරමුණින් ගුවන් සේවා සමාගමකින් සේවයෙන් ඉවත් කෙරුණු තරුණයෙකු ගැනයි. මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ කිංග් ෆිෂර් ගුවන් සමාගම ද වියදම් කපාහැරීම සදහා මෙලෙස සිය සේවකයන් 1000 ක් පමණ සේවයෙන් ඉවත් කළා. ඒ නිසා Bewakoofiyan  කථා තේමාව ද ඒ ඇසුරින් ගෛතී ඇති බවයි විචාරකයන් පවසන්නේ. කෙසේවෙතත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදන කණ්ඩායමේ වෙනත් කෙනෙකු නම් තවමත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැහැ.



තවත් කලා පුවත්

Previous
Next Post »