Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලුම්බිණියට යන එන "මිනිස්ටාර්" කවුද ?

Saturday, May 24, 2014
පසුගිය කාලේ බොහෝ රූපවාහිනී නාලිකාවලින් සුපිරි තරු, එහෙමත් නැත්තං සුපර් ස්ටාස්ලා බිහිකෙරුණා. සමහර ස්ටාස්ලා බැබලුණේ ගායන ලෝකයේ.තවත අය බැබැළුණේ නර්තනයෙන්. මෙම ප්‍රවෘත්තියත් තවත් ස්ටාර් කෙනෙක් ගැන. ඒ "මිනිස්ටාර්". හැබැයි එය රූපවාහිනී වැඩසටහනක් නම් නෙමෙයි. වේදිකා නාට්‍යක්. ප්‍රවීන රංගන ශිල්පීන් දෙපලක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ පුතණුවන් වන ජනිත් වික්‍රමගේ මෙම වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරනවා. ඊට ඇතුලත් චරිත ගණන 07ක්. ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු සහ ජනිත් වික්‍රමගේ ද ඒ අතර සිටිනවා. හාස්‍ය මුසුකරමින් නරඹන්නන් සදහා සිතන්නට යමක් ද ඉතිරි කිරීමට මෙයින් උත්සහ කළ බවයි ජනිත් කියා සිටියේ. දේශපානය සහ දේශපාලකයන්ගේ හැසිරීම මේ සදහා නිමිත්ත වී තිබෙනවා. පළමු දර්ශනය හෙට (25) කොළඹ ලුම්බිණි රඟහලේදී පැවැත්වීමට නියමිතයි.


(ලෝචි)

තවත් කලා පුවත්

Previous
Next Post »