Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

විවාහය නිසා මයික් එක් අතහරින් නෑ - උමාරියා

Thursday, June 12, 2014
ගායන ශිල්පිණී උමාරියා සිංහවංශ ඉකුත්දා විවාහ දිවියට එලැබියා. අනතුරුව "කලාපූර්" සමග සංවාදයකට එක්වෙමින් ඇය කියා සිටියේ විවාහ වුණා කියලා සිය ගායන කටයුතු නම් කොහොමත්ම නතර කරන්නේ නෑ කියලයි. තමන්ටත් වඩා තම ගායන කටයුතු සම්බන්ධයෙන් සිය සැමියා උනන්දු වන බව ද ඒ නිසා කිසියම් දිනක තමන් ගායන කටයුතුවලින් ඈත් වුවහොත් තමන් සමග මුලින්ම අහමනාප වන රසිකයා ඔහු බව ද ඇය කියා සිටියා. උමාරියාට මෙතරම් ආදරය කරන ඇගේ සැමියාද සංගීත ක්ෂේත්‍රයේම කෙනෙක්. ඒ "බැටරි" සංගීත කණ්ඩායමේ නායක දේව්ශාන්. මේ දෙදෙනාගේ විවාහයට ආරාධනා ලැබී තිබුණේ නම් ඉතාම සුළු පිරිසකට. ඒ ගැන විමසීමේදී උමාරියා කියා සිටියේ ගායිකාවක් ලෙස ජනප්‍රිය ජීවිතයක් මෙන්ම යුවතියක් ලෙස පෞද්ලගික ජීවිතයක් ද තමන්ට තිබෙන බවයි. විවාහය තම පෞද්ගලික කාරණාවක් බවද ඒ නිසා ඉතාම සමීප පිරිසට පමණක් දැනුම් දී සුළු පිරිසකට ආරාධනා කර විවාහය සිදු කළ බව ද ඇය කියා සිටියා.


තවත් කලා පුවත්

Previous
Next Post »