Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කන්‍යභාවය ත්‍රස්තවාදීනීන්ට පූජා කිරීමට සැරසෙන ගායිකාව

Friday, June 27, 2014
සිය කන්‍යභාවය බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ට පූජා කිරීමට නියිජීරියානු පොප් තායිකාවක් වන Adokiye Kyrian කැමැත්ත පළකර තිබෙනවා. ඒත් ඒ නිකම්ම නෙමෙයි එම ත්‍රස්තවාදීන්  විසින් ඉකුත්දා පැහැරගැණුනු පාසල් දැරියන් 276 දෙනා නිදහස් කිරීම වෙනුවෙන් වන්දියක් ලෙසයි. මෙම පැහැරගැනීම සිදුවී දැන් මාස 2 කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා. අදාල දැරියන්ගේ සමූහ ඡායාරූපයක් වරක් මුදාහැරීමට අමතරව ඔවුන් ගැන කිසිදු තොරතුරක් තවමත් අනාවරණ වී නැහැ. අඩුම තරමින් ඔවුන් සගගවා සිටින ස්ථානය හෝ නිශ්චිතව සොයාගැනීමට විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් අනුමාන කිහිපයක් හැර ඒ ගැන නිශ්චිත තොරතුරක් ද තවම ලැබී නැහැ. එසේ තිබියදී තමයි සිය කන්‍යාභාවය වන්දියක් ලෙස ලබාගෙන අදාල දැරියන් නිදහස් කරන්නැයි Adokiye Kyrian  යෝජනාකර තිබෙන්නේ. කෙසේවෙතත් බොකෝ හරාම් ත්‍රස්තවාදීන් මෙම ගණුදෙුනවට තවම එකඟතාව පළකර නැහැ. 
Adokiye Kyrian මේ වනවිට 23 වන වියේ පසුවනවා. තවද ඇය අදාල යෝජනාව ඉදිරිපත්කර තිබෙන්නේ සිය ට්විටර් ගිණුම හරහායි.

තවත් කලා පුවත්

Previous
Next Post »