Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නෙළුම් පොකුණට මහාසෝනා ඇවිත්

Saturday, June 28, 2014
"මහ සමයම" දෘශ්‍ය කාව්‍යයේ තවත් මහජන දර්ශනයක් අද පැවැත්වෙනවා. ඒ සවස 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදීයි. මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් මෙම දෘශ්‍ය කාව්‍ය නිර්මාණ කර තිබෙනවා. බටහිර රටවල එන ඔපෙරා සම්ප්‍රදායේ පෙරදිග හෝ ශ්‍රී ලාංකික ස්වරූපක් ලෙසයි "දෘශ්‍ය කාව්‍ය" යන්න ඔහු විසින් අර්ථ දැක්වූයේ. ශ්‍රී ලාංකික ජනශ්‍රැතියේ එන ඇතැම් කතාන්දර ඇසුරෙන් මෙය රචනා වී තිබෙනවා. මහාසෝනා එහිදී හමුවන ප්‍රධාන චරිතයක්.  ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, මාධනී මල්වත්ත, ඉන්දිකා උපමාලි වැනි නළු නිළි කැලක් එහි රංගනයෙන් දායක වනවා.









තවත් කලා පුවත්

Previous
Next Post »