Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උරේෂාට ලැබුණු අපූරු උපන්දින තෑග්ග

Saturday, June 28, 2014
ගායන ශිල්පිණී උරේෂා රවිහාරිගේ උපන් දිනය ඉකුත්දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇගේ සැමියාගෙන් ඇයට ලැබී ඇත්තේ අපූරු ත්‍යාගයක්. ඒ සීඩී ප්ලෙයර් එකක්. තමන්ගේ සීඩී ප්ලෙයර්රය මීට සතියකට විතර කලින් කැඩී ගිය බවත්, සැමියා තමන්ට දෙන උපන්දින ත්‍යාගය ලෙස සීඩී ප්ලෙයර්රයක්ම තෝරාගෙන ඇත්තේ ඒ නිසා බව ද උරේෂා කියා සිටියා. තවත් දෙයක් තමයි මෙම ත්‍යාගය උරේෂාට ලැබී ඇත්තේ උපන් දිනයට කලින්මයි. 
මේ අතර චිත්‍රපටි 05 ක ගීත ගායනා කිරීම නිසා ඉකුත් සමයේ තමන් තරමක් කාර්්‍යබහුල වී සිටි බව ද උරේෂා පවසනවා. අදාල චිත්‍රපටි වන්නේ "අජාසත්ත",  "චමත්කා",  "ආදරණීය කථාවක්",  "ආකර්ශා" සහ  "My Name is Bandu". මීට අමතරව තමන්ගේ අළුත්ම ගීතයකට මේ දිනවල රූප රචනයක් සිදුකරන බව ද ඇය කියාසිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »