Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"Transformers" වාර්තාවක් පිහිටුවයි

Wednesday, July 02, 2014
ඉකුත් ජුනි මස 03 වනදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ කෙරුණු "Transformers" කථාමාලාවේ 4 වැන්න, එනම් "Transformers Age Of Extinction" චිත්‍රපටය මේ වනවිට නව වාර්තා කිහිපයක්ම පිහිටුවා තිබෙනවා. තිරගත කිරීම ආරම්භ කර පළමු සතියේදී අමෙරිකාවේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් උපයා ගැනීම එයින් පළමු වාර්තාවයි. තිරගත කිරීම අරම්භ කර පළමු සතියේදී කිසියම් චිත්‍රපටයක් අමෙරිකාවේදී උපයාගත් වැඩිම ආදායම මෙය වනවා.
"Transformers Age Of Extinction"  චිත්‍රපටයේ කථාව ගෙතී ඇත්තේ "Transformers" කථාමාලාවේ 3 වැන්නේ දිගුවක් ලෙසයි. අමෙරිකාවේ චිකාගෝ නුවරට එල්ල වූ පිටසක්වල ප්‍රහාරකින් වසර ට පසු ඇතිවන සිද්ධියක් ඊට පාදක වී තිබෙනවා. ඒ සදහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන් 2010ක්. මෙම කථාමාලාවේ මීළඟ චිත්‍රපටය 2016 දී තිරගත කිරීමට නියමිතව තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »