Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කවි මඩුවක් වෙනුවට කවි නළුවක්

Thursday, July 03, 2014
හිටිවන කවි අහන්න බොහෝ දෙනෙකු කැමතියි. එහෙම අයට එක පෙළට හිටිවන කවි අහන්න ලැබෙන සුන්දර අවස්ථාවක් අද (ජුලි 03) උදාවෙනවා. ඒ හවස 3 ට දෙහිවල එස් ද එස් ජයසිංහ සමරු රගහලේදී. අගනුවර තරුණ කවි සමාජය හෙවත් "අතකස" විසින් මෙම ප‍්‍රසංගය සංවිධාන කරනවා. ඒ ඔවුන්ගේ 77 වන සංවත්සරය වෙනුවෙන්.
"කවි මඩු" නමැති මුල්කාලීන සම්ප‍්‍රදායෙන් තරමක් ඉදිරියට යමින් "කවි නළු" යන සම්ප‍්‍රදායට මෙම ප‍්‍රසංගය සංවිධාන වනවා. කවි මඩුවකදී වෙන්නේ කවීන් හා කිවිදියන් කවි ගායනා කිරීම පමණයි. ඒත් කවි නළුවකදී අදාල ගායනාවන් සදහා රංගනයන් හා නර්තනයන් වැනි වඩා ප‍්‍රාසාංගික අංගද එකතු කෙරෙනවා. මෙම ප‍්‍රසංගයේදී කවි ගායනා කරන කවීන් හා නිවිදියන් ගණන 11 දෙනෙක්. ඊට අමතරව අතකස ළමා බලකාය නියෝජනය කරමින් ළමා කවීන් හා කිවිදියන් 10 දෙනෙකුද කවි ගායනා කරනවා. නර්තන නිර්මාණය චන්දන වික‍්‍රමසිංහයන්ගෙන්. රාජ්‍ය සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »