Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහේෂි නිසා රෝයි වෙනස් වෙයි

Thursday, July 03, 2014
මහේෂි මධුසංඛා බොහෝ දෙනෙකු හදුනන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස. චායා, මුතූ හා මුතුපලස වැනි ටෙලි නාට්‍යවල ඇය රගපාන චරිත සෑහෙන්න ජනප්‍රියයි. එහෙත් ඉදහිට මහේෂි චිත්‍රපටවලත් රංගනයෙන් දායක වනවා. ඇය එලෙස රගපෑ අවසන් චිත්‍රපටය රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ එකක්. මෙම චිත්‍රපටයේ ඇතැම් රූගතකිරී්ම කෙරුණේ අමෙරිකාවේදි. ඒ සදහා මහේෂිත් අමෙරිකාවට යායුතුව තිබුණා. ඒත් අදාල රූගතකිරීම් යොදාගත් දිනවලම දෙරණ රූපවාහිනියේ රියැලිටි වැඩසටහනකටත් සහභාගී වී සිටි නිසා ඇය අමෙරිකාවට යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වනවිට ඇය වෙනුවෙන් වීසා ලබාගැනීමට පවා සියළු කටයුතු සූදානම් කර තිබූ බවයි රෝයි ද සිලවා "කලාපූර්" වෙත කිව්වේ. අනෙක අමෙරාකාවට යන්න ලැබෙනවා කියන්නේ කෙනෙකුට ලොකු අවස්ථාවක්. ඒ උණත් තමන් භාරගත් වැඩක් අතරමග දාලා යන එක සුදුසු නැති බවයි මහේෂිගේ අදහස. අදාල රියැලිටි වැඩසටහනෙන් තමන් ඉදිරියටම රැගෙන ආවේ සිය රසිකයන් බවත් තරගය අතරමග දාලා ගියානම් තමන් වෙනුවෙන් SMS කරපු ඒ රසිකයන්ටත් තමන් කරන්නේ අසාධාරණයක් බවත් මහේෂි "කලාපූර්" වෙත කිවිවා. කොහොම හරි සියල්ල සැලසුම් කර තිබූ නිසා අදාල රූගතකිරීම් ද කල්දැමීම හැකියාවක් තිබී නැහැ. අවසානයේදී සිදුකර තිබෙන්නේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම තිරරචකයා ද වූ රෝයි ද සිල්වා විසින් එකී පිටපත වෙනස් කිරීම. ඒ කිව්වේ අන්තිමට චිත්‍රපටය ඉවර කරලා තියෙන්නේ මුලින් ලියපු කථාවට අනුව නෙමෙයි. හැබැයි ඉතිං ඒ නිසා ප්‍රේක්ෂකයන්ය නම් අසාධාරණයක් නොවන බවයි රෝයි ද සිල්වා කියා සිටියේ. එම චිත්‍රපටය තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »