Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ප්‍රධාන නළුවා බුදු දහම වැළඳ ගනී (Video)

Saturday, June 14, 2014
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් මහතා  ඊයේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවයකදී බුදු දහම වැළඳ ගත්තා.
ඊයේ පස්වරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ ප්‍රථමයෙන් බුදුන් වැද ආශිර්වාද ලබා ගත්තා.  පසුව ධාතු මන්දිරයේදී ඒ  මහතාව පංචශීලයහි පිහිටවූයේ පූජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසිනි.
මහා සංඝරත්නය පිරිත් සජ්ජයනා කොට මලික් මහතා ආශිර්වාද කිරීමෙන් අනතුරුව පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ධාතු කරඩුව ඔහුගේ හිස මත තබා ආශිර්වාද කළා.

අනතුරුව ගගන් මලික් මහතා සිංහල භාෂාවෙන් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා.

රංගන ශිල්පි ගගන් මලික් මහතා



ආයුබෝවන් අද මා මේ කතා කරන්නේ මිහින්තලා වන්දනීය පින්බිමේ සිටයි. තථාගත බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිරිලක පුරා ඈත සිට පැතිර ගිය ඒ බුදු දහමේ පණිවිඩය මෛත්‍රිය ආදරය මිත්‍රත්වය සාමය විශේෂයෙන්ම රටේ අනාගතය බාර ගන්නා සිටින්නා දූදරුවන් තුල වර්ධනය කරවමු. ආසියා පදනම ශ්‍රි සිද්ධාර්ථ ගෞතම සිනමා කවය ලෝකයටම පරිත්‍යාග කරන ලදි.විශ්වය දිනුවා උතුම් සංකල්පය ඉදිරිපත් කරන්නේ මෙම උදාර ගුණ මුලු මහත් මිනිස් වර්ගයාටම ධෛර්්‍යමත් කිරිම තුලින්

ආධ්‍යාත්මික ශාන්තිය ඇති කිරිම උදෙසා මගේ ජිවිතයම මගේ කාලයම එම උතුම් බුදුමග යමින් මෙතින් සිතා කැප කරන බව මෙම පින් බිමේ සිට නිහමානීව ප්‍රකාශ කරන්නට කැමතියි .මෛත්‍රිය කරමු මිත්‍රත්වය මුල් කරගනිමු ශ්‍රි ලංකාව තුලින් මුලු ලොවටම මෙම දහම් රැගෙන යමු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.




එහි video පහතින්


තවත් කලා පුවත්

Previous
Next Post »