Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සදා නොමියෙන ජොති 27 වන ගුණ සමරුව අද

Monday, July 07, 2014
ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ එච්.ආර් ජෝතිපාලයන්ගේ 27 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. සුවහසක් රසික සිත් හඬවමින් ජෝති අභාවප්ප්‍රාප්ත වුණේ 1987 වසරේ ජුලි මස 07 වනදායි. කතරගම ගම්උදා භූමියේ පැවැත්වූ ප්‍රසංගයක ගීත ගායනා කරමින් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් ඔහුගේ මරණයට හේතු වුණා. 1936 වසරේ පෙබරවාරි 12 වනදා උපන් ජෝති මුල්වරට ගානා ක්ෂේත්‍රයට පිවිසියේ 1952 වසරේදී වසන්තා සන්දනායක සමඟ "මහවැල් නදියේ" ගීතය ගායනා කරමින්. "සුරතලී" චිත්‍රපටය වෙනුවෙන් 1956 දී ගායන කරන ලද "සිරියමේ සාරා" ගීතය ඔහුගේ ගායනා දිවියේ හැරවුම් ලක්ෂයක් වුණා. එතැන් සිට චිත්‍රපට පසුබිම් ගායනයට ජොති නැතිවම බැරි චරිතයක් වූ අතර ඔහු විසින් ගායනා කර ඇතැයි සැලකෙන මුළු ගීත ගණන 15,000ට අධිකයි. රොබින් තම්පෝ අධ්‍යක්ෂනය කල "සුදු සඳේ කළු වළා" චිත්‍රපටයෙන් රංගනයට ද පිවසි ජොති එතැන් සිට රගපෑ චිත්‍රපට ගණන 35ක්. "සුමිතුරෝ" ඇතුළු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කිරීමට ද ජොති ක්‍රියා කළා. ප්‍රසංග කලාවට නව ආරයක් හදුන්වා දුන් "ජෝති රාත්‍රිය" ජෝතිගේ තවත් වික්‍රමයක්. 1980 වසරේ සැප්තැම්බර් මස 06 වනදා එම ප්‍රසංගය මුල්වරට පැවැත්වුණා. 

තවත් කලා පුවත්

Previous
Next Post »