Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වික්ටර් හින්දි ගීත ගායනයට

Sunday, July 06, 2014
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගයන්ගේ ගායන ජීවිතයට මෙම වසරේ වසර 50 ක් සම්පූර්ණ වනවා. ඒ කාලය තුළ ඔහු විසින් ගායනා කරනු ලැබ අතිශය ජනප්‍රිය වූ ගීත සංඛ්‍යාව සිය ගණනක්. එසේ තිබියදී සිය ගායන ජීවිතයට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තවත් අළුත් දෙයක් කරන්න වික්ටර් රත්නායකයන් සූදානම් වනවා. ඒ හින්දි ගීත 18 ක් ගායනා කිරීමයි. තවමත් නිර්මාණ වෙමින් තිබෙන මෙම ගීත වලින් 8ක් වික්ටර් ජනප්‍රිය සිංහල ගීත 8ක තනුවලට හින්දි වචන යෙදීමෙන් රචනා කර තිබෙනවා. අභාවප්ප්‍රාප්ත සුනිල් චන්ද්‍රකුමාරයන් විසින් ඒවා රචනා කළ බවයි වික්ටර් අප සමග කියා සිටියේ. අනෙක් ගීත 10 රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම විසින් රචනා කර තිබෙනවා. මීට අමතරව වික්ටර්ගේ දරු මුණුබුරන් විසින් ගී ගයන සංගීත ප්‍රසංගයක් ද පැවැතීමට නියමිතයි. ඔහුගේ ජීවිතය අලලා ලියැවුණු විමර්ශනාත්මක කෘතියක් ද එළිදැක්වෙනවා. හැබැයි මේ සියල්ල සිදුවන්නේ ලබබ දෙසැම්බර් මාසයේදීයි.

තවත් කලා පුවත්

Previous
Next Post »